Jul
29

ඇමති විමල් නිරෝධායනයේ ඔහුගේ ආරක්ෂිතයින් කිහිප දෙනෙකුටම කොවිඩ්

 
1584 Views
   
 

තමන් දින 14ක කාලයක නිරෝධායනයට යොමුව ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.‍ ඔහු මේ බව කියා සිටියේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

තම ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වූ බවයි එහි දක්වා ඇත්තේ. කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලය ද විෂබීජහරණයට ලක් කර ඇති බව ද එහි සඳහන්.

එමෙන්ම දින 14කට එම කාර්යාලය ද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙසයි අමත්‍යවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කරන්නේ.

 

1

 

2

 

3

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්