Jun
20

හෙට රට විවෘත වන්නේ මෙහෙමයි (වීඩියෝ)

 
1555 Views
   
 

හෙට (21) දිනයේ රට විවෘත වන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊට අනුව ජනතාව කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

කාර්යාල සඳහා සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි. නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතුය. පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.

සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වේ. නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය. පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි. සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නො වේ.
පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නො කළ යුතුය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය. කෙසේ වුවද යළිත් 23 වනදා රාත්‍රී 10.00 සිට සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්