Sep
9

ජීවිත සමඟ කරන සෙල්ලම

 
635 Views
   
 

කො විඩ් වසංගතයට ගොදුරු වීම මත ශ්‍රී ලංකාවේ මේ වන විට දසදහසකට වැඩි පිරිසක් මි ය ගොස් සිටිති. එය රහසක් නො වේ. එහෙත් මේ කිසිවකු ඖෂධ හිඟයකින් මි ය ගියේ නැ ත; ප්‍රතිකාර ගත නො හැකිව මි ය ගියේ නැ ත. ඒ හැරත් ආහාර හිඟයකින් රටේ කිසිවකු මි ය ගොස් නැ ත. රට වසා දමන සෑම අවස්ථාවකම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින යන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. රජය කො විඩ් සමයේ සහනාධාර ලෙස රුපියල් කෝටි හත්දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා දී ඇත. සහනාධාර බෙදා දීම අඛණ්ඩව සිදු වෙයි. සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ නොමිලයේය. මේ අයුරින් නිදහස් සෞඛ්‍ය සේවා පවතින්නේ රටවල් කිහිපයක පමණි.

කො විඩ් සමය තුළ රටේ කුඩා දේශපාලන කණ්ඩායම්වලට ප්‍රධාන දේශපාලන ධාරාවේ වේදිකාව විවෘත විය. ඒ හැරෙන්න කො විඩ් ගැන කතා කරන්න ස්වේච්ඡා සංවිධාන ගණනාවක් බිහි වී ඇත. මේ සියලු දෙනාට වෙන වෙනම ‘මයික්’ ඇල්ලීමට ජනමාධ්‍ය යුහුසුලු වී ඇත. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් පරයා කො විඩ් ගැන මත පළ කිරීමට දේශපාලන සංවිධාන ඉදිරිපත්ව සිටී. ආර්ථික විශේෂඥයන් පරයා රටේ ආර්ථිකය ගැන කතා කරන්න ද එම සංවිධාන ඉදිරිපත්ව සිටී. ඔවුන්ගේ හඬ රටෙන් බැහැරව විදේශ කරා ද ව්‍යාප්ත වී තිබේ. මෙය බරපතළ විනාශයකි. රටේ ප්‍රතිරූපය, කීර්ති නාමය හා අභිමානය යන සියල්ල විනාශ කරමින් තමන්ගේ විවේචනය ඉදිරිපත් කිරීමට මොවුහු ක්‍රියා කරති.

කොටි සංවිධානයට එරෙහි මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වන විට ද මෙබඳුම තත්ත්වයක් රට තුළ පැවතිණි. විවිධ සංවිධාන කොටි ත්‍රස්තවාදයට සහයෝගය දක්වන්නත් මානුෂික මෙහෙයුම විවේචනය කරන්නත් පටන් ගත්හ. සමහරු මානුෂීය මෙහෙයුම විවේචනය කරමින් චිත්‍රපට නිර්මාණය කොට ඒවා පිටරටට අලෙවි කළහ. තව සමහරු කොටි සංවිධානය වෙතින් විවිධ වරදාන ගත්හ. තවත් සමහරු සාම සංවිධාන වෙතින් මුදල් ගත්හ. සාමයට මුවා වී පිටරට පදිංචියට ගිය අය ද සිටියහ. එකල ‘සිංහල කොටි’ කණ්ඩායම්වල සාමාජික සංඛ්‍යාව කුඩා වන්න පුළුවන. එහෙත් ඔවුන් රටට හා ජාතියට කළ විනාශය අති භ යා න ක ය.

රටේ එක්තරා ව්‍යාපාරික පැලැන්තියකට ද සමාගම් කිහිපයකට ද භාණ්ඩ හිඟයක් ඇති කිරීමේ වුවමනාව ඇති බව පැහැදිලිය. එහි ඉලක්ක දෙකක් තිබේ. පළමුවන ඉලක්කය වැඩි මිලට බඩු අලෙවි කරමින් අධික ලාභයක් ඉපයීමය. දෙවන ඉලක්කය ආහාර හිඟයක් මවමින් ආණ්ඩුව අපහසුවට පත් කොට තම දේශපාලන අභිලාශයන් ඉටු කර ගැනීමය. මේ සියල්ලට හොඳ පිළිතුරක් දීමට ආණ්ඩුව සමත් වී ඇත. සඟවන භාණ්ඩ සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. වැඩි මිලට බඩු අලෙවි කළොත් නීතිය තදින් ක්‍රියාත්මක වෙයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් අහිතකර බලපෑම් ඇති කරන ඕනෑම කෙනකුගේ දේපොළ රාජසන්තක කිරීමේ හැකියාව ද පවතී. මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතු නැ ත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්