Jun
30

වනිදු හසරංග ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ පස්වැනි තැනට

 
1906 Views
   
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ අංක 5 ස්ථානය හිමිකරගෙන තිබෙනවා. වනිදු හසරංග මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 19කදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු එක්දින තරංග 22කට සහභාගී වෙමින් කඩුලු 21ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා. වත්මන් ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තරඟ රටා ත්‍රිත්වයේ පන්දු යැවීම, පිතිකරණ, තුන් ඉරියව් මුල් ක්‍රීඩක 10 දෙනා අතර ස්ථානයක් වෙන්කරගැනීමට හැකිවූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද වනිදු හසරංගයි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන වනිදු හසරංග පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූයේ මංගල එක්‌දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක්‌ දවා ගත් ලොව තෙවැන්නා බවට පත්වීමත් සමඟයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ.

ඔහුට පෙර මංගල එක්‌දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක්‌ දවා ගැනීමට සමත්ව තිබුණේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන රබාඩා සහ බංග්ලාදේශයේ ටයිජුල්. කෙසේ වෙතත් එම දෙදෙනාගෙන්ද ළාබාලතමයා වන්නේ වනිදු හසරංග වීම විශේෂත්වයක්.

ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිදු හසරංග ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින වරම් ලැබූ 180 වැනි ක්‍රීඩකයා වූ අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ චතුරංග ද සිල්වාගේ සහෝදරයෙක්ද වනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්