Apr
17

අතේ පත්තු වූ උගන්ඩා නාඩගම

 
2018 Views
   
 

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ගේ ඩොලර් බිලියන 100 ක මුදල් පසුගිය වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා තුනකින් උගන්ඩාවට යවා ඇතැයි කට කතාවක් පසුගිය දිනවල සමාජ ජාලා වල පැතිරෙනු දැකගත හැකි විය. මේ පිළිබඳව සොයා බැලීමේදී සත්‍ය කරුණු අනාවරණය කරගැනීමට හැකි විය.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ එක් පුද්ගලයෙකු KDAW Constructions ආයතනයේ සේවය කරන ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිසරු පීරිස් නැමැත්තෙකි. මොහු උපුල් සන්නස්ගල ගේ ගෝලයෙකු වන අතර රුහුණ සරසවියේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ජවිපෙ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූවෙකි.

අග්‍රාමාත්‍යතුමන් උගන්ඩාවේ Cafe Ceylon වෙත පසුගිය වසරේ ගොස් ඇති ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත. නමුත් එම ඡායාරූප අග්‍රාමාත්‍යතුමන්ගේ රුව යොදා සෑදූ ව්‍යාජ ඡායාරූප වන අතර එම ඡායාරූප දින දෙකකට පෙර අන්තර්ජාලයට මුදාහැර ඇත්තේද තිසරු පීරිස් විසින්මය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් හෙළි කර සිටියේ 2021 වසරේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ගුවන් මගින් ප්‍රවාහනය කළ බවයි. උගන්ඩා රජය උගන්ඩා මුදල් නෝට්ටු තොගයක් මුද්‍රණය කිරීමට ආරක්ෂණ මුද්‍රණ කටයුතු සිදු කරන මෙරට සමාගමකට ඇණවුමක් ලබා දී තිබූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩාවේ එන්ටැබේ වෙත ගුවන් මගින් ප්‍රවාහනය කළ බවත් එය වාණිජමය ක්‍රියාවලියක් බවත් එමගින් ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශ ආදායමක් ලැබුණ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියි.

තවද ඩොලර් බිලියන 100ක මුදල් නෝට්ටු ටොන් 1102ක් බරය. ⁣එක් ගුවන් යානයක ගෙන යා හැකි බර ටොන් 45.9 කි ඒ අනුව බිලියන 100ක මුදල් නෝට්ටු ප්‍රවාහනයට අවම ගුවන් යානා 24ක් අවශ්‍ය වේ. එම නිසා කිසි විටක ගුවන් යානා 3 කින් ඩොලර් බිලියන 100 ක් ප්‍රවාහනය කිරීමට නොහැක. එබැවින් එම ප්‍රවෘත්තිය කිසිසේත්ම පිළිගත නොහැක.

මෙම උගන්ඩා මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද De La Rue ආයතනයද මේ පිලිබදව Twitter පණිවිඩයක් මගින් අදහස් දක්වා ඇත.
” De La Rue ලොව පුරා මහ බැංකුවලින් අඩකට මුදල් නෝට්ටු සපයයි. අපි මෙය කරන්නේ ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටා සහ එක්සත් රාජධානියේ අපගේ වෙබ් අඩවි වලින්, එම රටවල ආර්ථිකයට දායක වන ශ්‍රී ලංකාව සහ කෙන්යාවේ හවුල් ව්‍යාපාර සමඟිනි. අපි අපගේ ගනුදෙනුකරුවන් ගැන අදහස් දක්වන්නේ නැත. ”

2015 යහපාලන රජය බලයට ආවෙ රාජපක්ෂවරු හොරු යැයි පවසමින් ඔවුන් ඒ හොරකම් අල්ලන බවට ජනතාවට පොරොන්දු දෙමින්ය. නමුත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ ඇල්ලූ හොරකමක් නැත අවසානයේ රටේ විශාලතම හොරකම වූ මහබැංකු හොරකම සිදු කළේද රාජපක්ෂවරුන්ගේ හොරකම් අල්ලන්නට ආ යහපාලන නඩයමය. මෙවරත් රටේ ජනතාව මුලා කර බලයට පැමිණිමේ අරමුණෙන් නැවතත් රාජපක්ෂවරුන් හොරු යැයි මතයක් ජනතාව අතර ගෙන යන සැබෑ හොරුන්ගේ බොරු ප්‍රචාර පිළිගැනීමට පෙර එක් වරක් මට්ටු වූ ඔබ දෙවරක් සිතිය යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්