Jul
17

පියුමි හංසමාලි රටහැර යයිද?

 
2687 Views
   
 

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන කෙනෙක්. පහුගිය කාලේ පියුමි ගැන වැඩි කතාබහක් ඇතිවුණේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුම එක්ක නිරෝධායනයට යොමු කිරීමත් එක්ක. මේ දවස්වල පියුමි මොකද කරන්නේ, ඇතිවුණු ප්‍රශ්න දැන් සියල්ල අවසන් වෙලාද? පියුමි රට හැර යන්න සුදානම් වෙනවා කියන්නේ ඇත්තද? මේ සියල්ල ගැන පියුමි මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. පියුමි මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල මම රට යන්න ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් තියෙන වැඩ එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. පියුමි හංසමාලි කියන්නේ රංගනයටත් හැකියාව තියෙන කෙනෙක්. හැබැයි ඒ පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ? ඒක කතාවට මම එකඟයි. මම හැමදාම හිතන දෙයක් තමා මම රඟපාන්න දන්නේ නැහැ කියලා. මේ වෙද්දී ටෙලි නිර්මාණ දෙකකට සහ චිත්‍රපට දෙකකට මම රංගයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම මියුසික් වීඩියෝ කිහිපයකට දායක වෙලා තියෙනවා.

 

පියුමි ගැන සමාජ මාධ්‍ය තුළ කතාවෙන්නේ වෙනස් විදියට, ඒ ගැන මොකද හිතෙන්නේ කෙළින්ම කියන්න එපැයි. ලංකාවේ මිනිස්සු ගොඩක් හරි කුහකයි. තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා ජිම් එකකට ගිහිල්ලා පෙනුමට ඉන්නවා දකින්න කැමති නැහැ. ඒක බලාගෙන ඉන්න බෑ. ඔය දේ මිනිස්සුන්ගේ හැටි මම දැනගෙන හිටියේ. ඒ දේ හොඳටම දැනුණේ මම නිරෝධායනයට පස්සර ගිහින් ඉන්නකොට. මොකද මම සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට නේල් ස්පා ගිහිල්ලා මම මගේ මේන්ටෙන්ට්ස් හරියටම කරනවා. නිරෝධායනය මධ්‍යස්ථානයේ ඉන්නකොට ඔය දේවල් නැහැනේ. මම තනියම ෆෙෂල් කරගත්තා නමුත් මට නියපොතු ටික දාගන්න විදියක් නැහැනේ. ඉතින් කම්මැළි වෙලාවට මට කමෙන්ට් කරපු ඒවා බලද්දී මම දැක්කේ ගැහැනු අයම දාලා තිබ්බේ ආ හොඳ වැඩේ නේල්ස් ටික ගැලවිලා, තව මොන මොනවා ගැලවෙයිද වගේ දේවල්. තව මදුරුවෝ කාලා මගේ අතේ රතු බිබිලි ටිකක් දාලා තිබ්බා. ඒවා ළංකරලා ෆොටෝ අරන් පිරිමි අය දාලා තිබ්බේ හොඳ වැඩේ අරකිව මදුරුවෝ කාලා කියන කමෙන්ට්. අර පොඩි මදුරුවෙක් කාපු එකට ඒ අය කොයි තරම් නම් සතුටු වෙලාද?

පියුමි ගැන මොන විවේචන තිබ්බත්, පියුමි පුතා එක්ක තියෙන බැඳීම ගැන ලැබෙන ප්‍රතිචාර කොහොමද? මම සාමාන්‍ය පවුලක ඉපදුණ හරිම දුප්පත් ගැහැනියක්. මට පුළුවන් විදියට මම මගේ ළමයට සලකනවා. මගේ පුතා දන්නවා මගේ ළඟ සල්ලි තියෙනවද නැද්ද කියලා.සල්ලි තියෙනවා නම් අරක ඕනේ මේවා ඕනේ කියලා ඉල්ලුවට සල්ලි නැත්නම් ගෙදර හදන බත් එකම කකා ඉන්න ළමයෙක්. මම මගේ දරුවාගේ උපන්දිනය ට පවා යන්නේ අසරණ වෙලා ඉන්න දරුවන් ඉන්න තැනකට.අම්මලට තුරුල්වෙලා ඉන්න ඕනේ කාලේ අර බිත්ති හතරකට මැදිවෙලා තනියම ඉන්නවා දකිද්දී ඒ අම්මලා මේ දරුවන් මෙහෙම දාලා ගිහින් බත් වේලක් හරි කාලා ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. මම පුතාවත් හදාගෙන මගේ අම්මවත් බලාගෙන මමත් ජීවිතේ විඳවන්නේ නැතුව විඳිනවා. මම දන්නේ නැහැ මිනිස්සු ඇයි මට බනින්නේ කියලා. දැන් නම් පුතාගෙන් පියුමිට තහංචි තියෙනවා නේද? අයියෝ ඔව්. මම පුතාගේ පාසලට යද්දී නම් දිග ගවුමක් හරි ඩෙනිම් එක හරි ඒ තැනට ගැළපෙන විඳියට ඇඳලා තමා යන්නේ. නමුත් මම යාළුවො එක්ක එළියට යද්දී මම හරි ආසයි ෆැෂන් කරන්න. දැන් පුතා ඒකට නීති දානවා. කොට ඇඳුමක් ඇඳන් හිටියොත් ඕක හරියන්නේ නැහැ මේක ඇඳන් යන්න කියලා දිග සායක් ගෙනත් දෙනවා. මෙයාට තාත්තා කෝල් එකෙන් කතා කරනවනේ. මම හිතන්නේ එයා එක එක ඒවා ඔළුවට දානවා ඇති. කොට එකක් හරි උඩින් ඕපන් එකක් හරි ඇන්දොත් මොනවද අනේ මේ ඇඳලා ඉන්නේ ඔක්කොම පේනවනේ කියලා දැන් පුතාගෙන් හරි බර බරේ. මම හිතන් ඉන්නේ දැන් පුතා එක්ක ඔස්ට්‍රේලියාවට වගේ යන්න. එයාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා. එහෙ ගියාම නම් මේ දේවල් හරි යයි.

පියුමි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඒ මගේ හැටි. බොරුව කියන දේට මම කැමතිම නැහැ. අසාධාරණය දැක්ක තැනක මට ඉන්න බෑ. හරිම ආවේගශීලියි. සමහර අය නම් ඒකට කැමති නැතුව ඇති. ඒත් දෙයක් කියන්න තියෙනවා නම් ඒ දේ කෙළින් ම කිව්වම ඉවරයිනේ. එහෙම නැතුව අතන එකයි මෙතන එකයි කියන්නේ නැතුව. මේ ඉතින් මගේ විදිය. එහෙම කෙළින් කතා කරන එක පියුමිට වාසියක් වෙලා තියෙනවද අවාසියක් වෙලා තියෙනවද? වාසි අවාසි බලාගෙන නම් මම කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන මම එච්චර හිතන්නේ නැහැ. පියුමි කෙනෙක් එක්ක තරහ වුණත් ඒ තරහා කෙටි කාලයයි නේද? මම තරහා වෙලා වෛරයෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. සමහර අය ඉන්නවා මම මගේ ජිවිතෙන්ම අයින් කරපු. ඒ අය වුණත් එළියේදී දැකලා හායි පියුමි කොහොමද කියලා කතා කළොත් මම කතා කරනවා. ඒ වෙලාවට විතරයි. මම තරහෙන් වෛර කර කර ජීවත් වෙන්න ආස කෙනෙක් නෙවෙයි. හෙට ජීවත් වෙයිද කියන්න බැරි එකේ මම කැමති සතුටින් ජීවිතය ගෙවන්න.

මෑතකදී ඇතිවුණේ ඔය නිරෝධායන සිද්ධියනේ. ඒ සිද්ධියේ අය එක්කත් දැන් අමනාපකම් නැද්ද? කිසිසෙත්ම නැහැ. එදා මම හිටියේ ආවේගයකින්. මොකද අපි අතින් වැරැද්දක් වුණා. ඒ ඇතිවුණු ආවේගයකට මම කෑගැහුවා. ඊට පස්සේ මට හිතුණා මේ දේවල් දිගින් දිගටම අරන් යන්න ඕනේ නැහැ. මේ රටේ ඕනේ තරම් කතා කරන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. මට මගේ වැඩ තියෙනවා. කවුරු හරි කාගේ හරි කීමට මුදල් අරන් ඒ මුදලින් දරුවන් එක්ක කාලා බිලා ඉන්නවා නම් ඒකත් මට පිනක්. මේ වෙලාවේ මම හිතන්නේ එහෙම. මිලියන 1.6ක් හිටිය මගේ Instagram එක මිලියන 1.7 ක් වුණා. මගේ Fb පිටුවේ Followers ලක්ෂ තුනහාමාරයි හිටියේ දැන් ලක්ෂ හතරයි හත්දහස් ගාණක් ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. එකම දුකකට තියෙන්නේ දවස් 15ක් වගේ කාලයක් මම මගේ පුතාගෙන් ඈත්ව ඉන්න වුණු එක. මොකද මම චිත්‍රපටයකට ගියත් උපරිම දවස් හතක් වගේ තමා පුතා නැතිව ඉඳලා තියෙන්නේ. කොහොමද ඒ කාලය හරිම සතුටින් අපි හිටියේ. අපි ළඟින්ම ඇසුරු කරන කණ්ඩායමක් නිසා යාළුවො එක්ක විනෝද චාරිකාවක් ගියා වගේ තමා. ජීවතේ පළමුවෙනි වතාවට දවස් 15ක් වගේ කාලයක් එහෙම හිටියේ. ජිවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපිට මේ වගේ වෙලාවක තමා හරිම යාළුවො කවුද කියලා පවා දැනගන්න ලැබුණේ. මම හිතපු නැති යාළුවො තමා මගේ ගෙදරට ඇවිත් මගේ අම්මා ගැන පුතා ගැන හොයලා බලලා තිබ්බේ. දෙවියන් වහන්සේ මට පෙන්නුම් කලා මේ වෙලාවේ මේ ඉන්න යාළුවො පමණක් ඔයාගේ ජීවිතේට තියාගන්න කියන එක. ඒ නිසා මේ වෙද්දී ගොඩක් දේවල් තේරුම් අරන් තනියම තමා ඉන්න කැමති.

මේ සිද්ධිය එක්ක දේශපාලන නම් පවා ඇඳිලා ආවා මනුස්සයෙක් තව මනුස්සයෙක්ට උදව් කරන්න හිතක් පහළ වෙන්න ඕනේ. එහෙම උදව්වක් කරන්න බැරි නම් අපි ලබපු මනුස්ස ජිවිතේ වැඩක් නැහැ. අපිට උදව් කරපු අයට පවා ලංකාවේ මිනිස්සු මඩ ගැහුවා. ඒක හරිම පව්. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද ඒ දේවල් දැන් වෙලා ඉවරයි. පස්සර දී සුන්දර මිනිස්සු හමුවුණා නේද? මම කැමතියි මිනිසුන්ට උදව් කරන්න. තුන්වේලම හොඳට කාලා හැඳුණු කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා නැති බැරි කම් අඟහිඟකම් හොඳින් අත්වින්ද කෙනෙක්. පස්සර අපි හිටපු තැන පහළ ගෙදර අක්කා මගෙන් අහනවා මොනවද ඕනේ කියලා. ඉතින් ඒ පුංචි ගෙදරින් බිස්කට් එකක්වත් ඉල්ලන්න මට හිත දුන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ අයට ඒ වෙලාවේ සල්ලි තියෙනවදවත් කියලා. ඒ නිසා මම ඉතින් පෙර ගෙඩියක් අඹ ගෙඩියක් දෙන්න කියලා. ඒවා ඉතින් ගහකින් කඩන දෙයක්නේ. එක දවසක් අපි හිටිය තැන මුරකුටියට දීලා ගිහින් තිබ්බා පොඩි හකුරු මුලක්. මට හරි සතුටුයි ඒ ගැන. අපි කට්ටිය ඒ හකුරු කාලා තේ බිව්වා.

පියුමි හීන දැක්කේ නිරූපිකාවක් වෙන්නද? නැහැ. මම පාසල් යන කාලේ ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒකට ගොඩක් හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ නිසා මගේ ඒ ආසාව මගදි අත්හරුණා. ඊට පස්සේ මම විවාහ වෙලා කාලයක් යද්දී මගේ X හස්බන්ඩ් තමා නයනා කරුණාරත්නගේ බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් කියන තරගයට අයදුම් කරලා මාව එක්කගෙන ගියේ. ඒක තමා පළමුවෙනි අත්දැකීම. එදා මට කිසිම අංශයකින් දැනුමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තිබ්බ තරගවලදී මම විවිධ අංශ යටතේ ජයග්‍රහණය කළා. එහෙම හෙමින් ආව ගමනක් තමා මේ. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ කිසිම දෙයකින් මම පසු තැවෙන්නේ නැහැ. මේක තමා මගේ දෛවය. දැන් මට පුතෙක් ඉන්නවා. ඒ ගැන සතුටුයි. සමහර මෝඩ තීරණ මම අරගෙන තියෙනවා. ඒක මගේ වයසත් එක්ක ගත්තු තීන්දු තීරණ. දැන් මට අත්දැකීම් තියෙනවා. මම දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතරපාරක් මම හිතනවා. උපදෙස් ගන්නවා. ඉස්සර එහෙම නෙවෙයි. තනි තීරණ ගත්තේ. නමුත් දැන් මම එහෙම නැහැ.

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්