Jul
2

පාන් මිල ඉහළ යයිද?

 
2210 Views
   
 

පිටි මිළ වැඩි නොකරන්නේ නම් පාන් ඇතුළු නිෂ්පාදන වල මිළ වැඩි වීම සිදු නො’කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ගෙන්වන සමාගම් දෙකක් අතරින් එක් සමාගමක් සිය මිල ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ අනුව පාන් මිලද ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් පිටි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව නඩු පැවැරීමට රජය තීරණය කර තිබේ.

පිටි මිළ වැඩි කිරීමට කුමන ආකාරයකින්වත් රජය ඉඩ නො’තබන බවත් විශේෂයෙන් පාන් මිළ වැඩි වීමට මාජරින් වල මිළ වැඩිවීම සහ අනෙකුත් ද්‍රව්‍ය වල මිළ වැඩිවීම නිසා එම නිෂ්පාදනයන් සහනදායී මිළකට ලබාදීමට සමූපකාර ව්‍යාපාරය ඉදිරිපත් වීමේ අවශ්‍ය බව මෙම සාකච්ඡාවේචී අනාවරණය වී තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්