Mar
17

සිංහරාජ වනාන්තරය අවට ඉඩම් රජයට පවරා ගැනීමේ තීරණයක්

 
1390 Views
   
 

සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එවැනි ඉඩම් හෙක්ටෙයාර් 400ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මේ වන විට සිදුවන වන විනාශය වළක්වා ගැනීමේ අරමුණෙන් මෙලෙස එම ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කළ බව ඔහු පැවසීය.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කියා සිටියේය.

එබැවින්, ඉඩම් හිමිකරුවන්ට වන්දි ලබා දී විධිමත් ආකාරයට එම ඉඩම් රජයට පවරා ගන්නා බව ද එදිරිසිංහ මහතා කියා සිටියේය.

නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් පවරා ගැනීමත් සමග සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්