Jun
6

ලංකා ප්‍රීමියර් ලීග් කල් යයි

 
1272 Views
   
 

රට තුළ පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා. ක්‍රිකට් බළධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව තරගාවලිය අගෝස්තු අග දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබුණි. ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් පෙර සැලසුම් කර තිබුණි.

විස්සයි20 ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින්, ඊට පෙර හෝ ඉන්පසුව ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සිදුවනු ඇත. නැතහොත් එම තරගාවලි සඳහා සහභාගිවන නම් දැරූ විදෙස් ක්‍රීඩකයන් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක් නොවනු ඇත.

පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුණි. යාපනය ස්ටැලියන්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස්, මහනුවර ටස්කර්ස්, දඹුල්ල වයිකින් සහ කොළඹ කිංග්ස් යන කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැති තරගාවලියේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් පිල විසින් දිනාගන්නා ලදී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්