May
31

“මට ඕන එකපාරක් දැක්කම කොල්ලෙක් දෙපාරක් හැරිල බලන්න හිතෙන කෙල්ලෙක්”  පෝස්ට් එකක් නිසා බුකියේ ජනප්‍රිය වුණ කෙල්ල

 
1897 Views
   
 

සමාජ මාධ්‍ය කියන්නේ හොඳ, නරක දෙකටම එක වගේ සුදුසු තැනක්. ඒ සමාජ මාධ්‍යයට පුළුවන් අපේ තත්ත්වය උසස් කරන්නත් නැති කරලා දාන්නත්. ඉතිං එක්තරා තරුණියක් ඊයේ දිනයේදී හරි අපූරු සටහනක් තබා තිබුණේ මෙන්න මේ විදියට.

 

“මට ඕන එකපාරක් දැක්කම කොල්ලෙක් දෙපාරක් හැරිල බලන්න හිතෙන කෙල්ලෙක්”  එහෙමයි අන්තිමට කිව්වෙ. මනුස්සයෙක් ව මානසිකව වට්ටන්න පුළුවන් අන්තිම භ යානක වචනය තමයි ඒ පුද්ගලයගෙ රෑපය. සමහර මිනිස්සු රෑපයට ආදරය කරනවා, සමහරු හදවතට ආදරය කරනවා. සමහරු සල්ලිවලට ආදරය කරනවා.
ඒත් කෙනෙක්ගෙ දුර්වලකම මුල් කරගෙන අතාරිනවට වඩා ඒ දුර්වලකම් හදාගෙන ඉස්සරහට එක්ක යන අයයි ජීවිතයකට ඕන. දාලා ගියාට පස්සෙ පැනඩෝල් අහුරු බොනවට වඩා, වස බොනවට වඩා, ඒ මනුස්සයව ම ර නවට වඩා තව දේවල් තියෙනව අපිට කරන්න

කෙසේ වෙතත් අදාළ සටහනත් සමග ඇය‍ට විවිධ වූ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒවා ධනාත්මක මෙන් සෘණාත්මක ඒවා. නැවතත් ඇය මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ මෙන්න මේ විදියට.

සාධාරණීකරණයක් නෙවෙයි _
මම දාපු පෝස්ට් එකක් viral උන නිසා ගොඩක් පාර්ශවයන්ගෙන් නිර්නාමිකවත් දෝෂාරෝපණයකට ලක්වෙලා තිබුනා. මම ඒ පෝස්ට් එක දැම්මෙ ඒ වගේ හේතුවකින් විඳවන, නැත්නම් දුක් වෙන අයට පොඩි up එකක් විදියට මිසක් අර Positive mind post එකක් ඇතුලෙ negative සෙට් එකට වවාගෙන කන්න නෙවෙයි. මට ගොඩක් අය කියල තිබුනා මම ක්‍රීම් ගාලා, ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා. මේකප් නිසා එහෙම කියල. කියන්න තියෙන්නෙ I don’t care ඒ ගැන. මොකද මම රෑපෙට වඩා මානසික පැත්තෙන්, ආර්ථිකමය පැත්තෙන් ස්ථාවර වෙච්ච කෙනෙක්. මම exට මඩගහන්නවත් බනින්නවත් නෙවෙයි මම මුල් කරගත්තෙ අර ඔය ප්‍රශ්න හේතුවෙන් මානසිකව වැටිල ඉන්න අය ගැන. Exට ස්තුතිවන්ත වෙනව මම, බනින්නෑ කවදාවත්, එයා නිසයි මම අද මෙතන ඉන්නෙ. එයා නිසයි මම motivation එකක් අරන් ඉස්සරහට ආවෙ. මගෙ රස්සාව, මගෙ ගෙදර, මගෙ පවුල ඒ හැමදේකින්ම මම වෙනසක් කරල තියෙනවා. ඒ නිසා මගෙ රෑපෙ විතරක් මනින අය ගැන I really don’t care. මගෙ ඉන්බොක්ස් එකේ අද මැසේජ් දාහකට වඩා තියෙනව ඔය සම්බන්ධ ගැටලු, ප්‍රශ්න තියෙන ළමයි මැසේජ් දාලා.

මට කියන්න අවශ්‍යත් නැහැ මම කොතනද ඉන්නෙ කියල මොකද, ඒව කමන්ට් වලින් අපෙ ඉන්න සමහර අයියල අක්කලා නංගිල මල්ලිල විද්‍යාත්මක ව පහදල දීලා තියෙනවා

ගොඩාක් ස්තුතියි මගෙ post එකට පොසිටිව් හිතල කමන්ට් කරපු හැමෝටම.

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්