Dec
11

අහෝ තලතා නොදුටු මොක් පුර

 
1573 Views
   
 

මේ ලියන දේ මඩවත් හිතළුවත් නොවේ. සාක්ෂි සහිතව අල්ලස් හා දූෂණ මර්දන ඒකකයට කර ඇති පැමිණිලිය. පසුගිය රජය සමයෙ මහ පරිමාණ හොරකම් වංචා දූෂණ කළ 10 දෙනෙකුට එරෙහිව Top Ten ලෙස නම් කරමින් එවකට සිටි විපක්ෂය පැමිණිලි කර ඇති අතර එහි සිටින එකම සාඩම්බර කාන්තා නියෝජනය තලතා අතුකෝරලයි එය ලෙහෙසි පහසු වංචාවක් නෙවේ.

තම ශ්රමය, ජීවිතයෙ වටිනාම කාලය, දහඩිය, රුධිරය කැපකරමින් විදෙස්ගතව සේවය කරන රට විරුවන්ගෙ රක්ෂණ ක්රමවේදයේ දි සිදුකල රුපියල් මිලියන 1500 ක වංචාවකි. තලතා විසින් 2015 අගෝස්‌තු මස 26 වැනි දින සිට ශ්රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්රමිකයන් සඳහා හඳුන්වා දී ඇති රක්ෂණ ක්රමයක්‌ මගින් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට මේ පැමිණිලි සිදුකර ඇත. තලතා දේශපාලනයට කඩාගෙන වැටෙන්නෙ එක්සත් පක්ෂයෙ රත්නපුර දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්රී ගාමිනි අතුකෝරලගෙ අභිරහස් මරණයත් සමගය

. 2001 දෙසැම්බර් 31 රාත්රියේ සිරස ආයතනය විසින් සංවිධානය කල සංගීත සංදර්ශනයට සහභාගී වී එතැනින් සිය අවසන් වතුර වීදුරුව බී ගාමිණී අතුකෝරල 2002 ජනවාරි 01 වෙනිදා උදෑසන සිය දෑස් ඇරියෙ නැත. එය මිනීමැරුමක් බවට එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෝ ම එලිපිට චෝදනා කරන්නට විය. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රනිල් සමග වූ අභ්යන්තර අරගලයෙ ප්රතිඵලයක් කියායි.

එසේ ගාමිනි අතුකෝරළගේ චන්ද මතින් පාර්ලිමේන්තු ආ තලතා අතුකෝරලගෙ දේශපාලන පරිහානිය පිලිබඳව පෙන්වීමට ඇයගෙ මනාප සටහන පමණක්ම ප්රමාණවත්ය. 2004 මහමැතිවරණයේදි මනාප 143,617 ක් ලබා ගත් තලතා අතුකෝරල 2019 මහමැතිවරණයේදි ලබා ගත්තේ මනාප 45105 කි. වසර 15 ක් තුල ඇයට චන්ද ලක්ෂයකට ආසන්න ප්රමාණයක් අහිමි වී ඇත. එමෙන්ම ඇය පාර්ලිමේන්තු යන්නෙ සජබයෙන් රත්නපුර දිස්ත්රික්කයේ මන්ත්රී ලැයිස්තුවෙ අන්තිමයා වෙමිනි.

තලතා ගෙ දේශපාලන දිවිය ගැන තවත් අටුවාටීකා අවශ්යය නැත. එහෙව් තලතා පාර්ලිමේන්තු වරප්රසාද වලට මුවා වෙමින් නිශ්ශංක සේනාධිපති සහ ඇවන්ට්ගාඩ් ආයතනය සිරකරු ශුභසාධනය සඳහා කරගෙන යන ව්යාපෘතිය පිළිබදව පාර්ලිමේන්තුව තුල බොරු කිව්වා නොව බොරු විද්දාය. සිරකරුවන් රටක ආර්ථිකයට බරක් බව අමුතුවෙන් කිවයුතු නැත. නිශ්ශංක සේනාධිපති සිදු කලේ මෙම සිරකරුවන් හට මනා පුහුණුවක් ලබා දී බන්ධනාගාර නිලධාරින්ගෙ ආරක්ෂාව යටතෙ ඔවුන් රටේ නිෂ්පාදන ආර්ථිකයට හවුල් කර ගැනීමයි..? එය වරදක්ද..? අනාගතයෙ දිනක ඔවුන් සිපිරිගෙයින් එලියට එන්නේ සැබැවින්ම සුබසාධනය වූ පුහුණු ශ්රමිකයෙකු ලෙසය.

එය ඔවුන් නැවතත් එලියට ආ දිනක සමාජ අපචාර වලට එකතු වීමට ඇති ඉඩකඩ අහුරා දමන්නක් නොවේද.? එමෙන්ම යමි කිසි අයෙක් වරදක් සිදුකර සිරගත වූ පමණින් ඔහුගේ බිරිඳ, දරුවන්ද දුක් විඳිය යුතුද..? මෙය අප නොසිතන නොපෙනෙන සමාජ ව්යසනයකි. සේනාධිපති ගෙ මෙම ව්යාපෘතිය නිසා එම පවුල්වලට මාසයකට යම් කිසි මුදලක් ජීවත් වීම සදහා ලැබෙයි.

මෙවැනි වැඩපිළිවෙළක් නිශ්ශංක සේනාධිපති හැර වෙන කිසිවෙක් විසින් සිදූ කර ඇද්ද..? අනිත් පසින් ඇවන්ට්ගාඩ් ආයතනය සිරකරුවන්ට මුදල් ගෙවන්නෙ ඇවන්ට්ගාඩ් ආයතනයට අවශ්යය ආකාරයෙන් නොවේ. එය රජය විසින් නීත්යානුකූලව අනුමත කල මුදලකි. තලතාට සිරකරුවන් පිළිබදව ඔතරම් ඇම්මක්, රුදාවක්, කැක්කුමක් තිබුණා නම් ඇය අධිකරණ සහ බන්ධනාගාර කැබිනට් ඇමති ලෙස සිටියදි එම මුදල වැඩි කරන්නට තිබුණි.

සිරකරුවන්ට දිනක කුලිය පමණක් නොව කෑම බීම, ප්රවාහන පහසුකම් සියල්ල සපයන්නෙ ඇවන්ට්ගාඩ් ආයතනයයි. මේ සියල්ල තලතා අතුකෝරලට නොපෙනී ගියේ තම දෑස් වසාගෙන සිටින අවස්ථාවාදී දේශපාලන කඩතුරාව නිසාද..? නිලන්ත සත්සර ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්