Jan
21

ශ්‍රී ලංකා අභිමානය 11 දෙනෙක් අත

 
626 Views
   
Pride of Sri Lanka in the hands of 11 people  

රී ලංකා – සිම්බාබ්වේ තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය අද (21) සවස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එබැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට සිම්බාබ්වේ පිතිකරුවෝ රිසි සේ පහරදුන් බැවින් අද තරගයේදී පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුකෙරෙතැයි අනුමාන කෙරේ.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට අද පිට දඟ පන්දුයවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ඉඩ ඇති බවය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනසක් සිදු නොකෙරෙතැයි අනුමාන කෙරේ.

මේ අතර අද තරගයට බොහෝදුරට ක්‍රීඩා කළහැකි බව සඳහන් කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති කණ්ඩායම් ද්විත්වය පහතින් 

ශ්‍රී ලංකා කණ්ඩායම 

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චරිත් අසලංක
දසුන් ශානක (නායක)
චාමික කරුණාරත්න
රමේෂ් මෙන්ඩිස්
දුෂ්මන්ත චමීර
ජෙෆ්රි වැන්ඩර්සේ
නුවන් ප්‍රදීප් 

සිම්බාබ්වේ කණ්ඩායම 

රෙජිස් චකබ්වා
ටකුඩ්ස්වනාශේ කයිතානෝ
ක්‍රේග් අර්වින් (නායක)
වෙස්ලි මැධේවෙරේ
ෂෝන් විලියම්ස්
සිකන්දර් රාසා
රයන් බර්ල්
වෙලින්ග්ටන් මැසකඩ්සා
බ්ලෙසින් මුෂභානි
ටෙන්ඩායි චටාරා
රිචර්ඩ් න්ගර්වා 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්