Jun
17

ලෝකයක් මවිත කරවූ දස නිවුන් දරු උපත බොරුවක්? (ඡායාරූප)

 
3859 Views
   
 

දකුණු අප්‍රිකාවේ සිදුවූ දස නිවුන් දරු උපත පිළිබඳව මේ වනවිට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් විදෙස් පුවත්පතක් වාර්තාකර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එම දරු උපත පිළිබඳව මේ වනවිට සැකයක් පැනනැගී ඇති බවයි.

අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දරු උපත සිදුකළ බව පැවසූ කාන්තාව මේ වනතෙක් තම දරුවන් දැක නොමැති බවයි. ඒ අනුව එරට පළාත් බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම පළාත තුළ පෞද්ගලික හෝ රජයේ රෝහලකදී හෝ මෙවැනි දරු උපතක් සිදුව නොමැති බවයි. මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම අරුම පුදුම දරු උපතේදී එම කාන්තාව විසින් පිරිමි දරුවන් 7ක් සහ ගැහැණු දරුවන් 3ක් බිහිකළ බවයි.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඔවුන් සහ ඇය අතර වට්ස් ඇප් පණිවුඩ පමණක් හුවමාරු වන අතර දරුවන්ගේ ඡායාරූප තමන් ද දැක නොමැති බවයි. මේ අතර අදාළ කාන්තාව විසින් තමන් ප්‍රතිකාර ලැබූ බව ප්‍රකාශ කළ රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම රෝහල තුළ දස නිවුන් දරු උපතක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ පෙම්වතාගේ සොහොයුරිය පවසන්නේ ලෝකයේම කොරෝනා වෛරසයක් පවතින අවස්ථාවක මෙවැනි වරප්‍රසාදයක් තම සොහොයුරාට හිමිවීම පිලිබඳව සතුටු වන බවයි.

එසේම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තම සංස්කෘතියට අනුව ගර්භනීභාවය සහ බිළිඳන් ඉතා සියුම් දෙයක් ලෙසින් සලකන බැවින් අවශ්‍ය අවස්ථාවේදී දරුවන් ලෝකයට ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවයි. මේ අනුව නියමිත දිනට පෙර උපත සිදුවූ මෙම දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

 

#

 

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්