Mar
10

” හිසේ සිට දෙපතුල තෙක් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ” කෝටි ගණනාවක් වටින රේන්ජ් රෝවර් එකක් ගෙනාපු ත්‍රිකලා ධරණි

 
780 Views
   
 

ත්‍රිකලා ධරනි කියල කියන්නේ 2017 වසරේදී විශ්ව විවාහක රූ රැජින කිරුළ හිමිකර ගනිමින් ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්ති නාමයක් ලබාදුන්නු සුන්දර නිරූපණ ශිල්පිනියක්. කොහොම නමුත් නිරූපණ ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇය පිළිබඳ පසුගිය කාලයේ මෙරට ජනයා අතර විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ ඇය රෝසපාට රේන්ජ් රෝවර් රථයක් මෙරටට ගෙන ඒමයි

කොහොම නමුත් මේ විදිහට පසුගිය කාලයේ කතාබහට ළක්වු ඇය මේවෙනකොට නිරූපණ ශිල්පිනිය ලෙසින් විතරක් නොවෙයි දක්ෂ ගායිකාවක ලෙසත් සිය හැකියාවන් පෙන්නුම් කරනවා. ඒ බව මේවෙද්දී නොරහසක්. මොකද ඇය මෑතකදී ඇගේ අලුත්ම ගීතයකුත් එළි දක්වලා තිබුණා. කෙසේවෙතත් පසුගිය කාලයේ රෝසපාට රේන්ජ් රෝවර් රථයක් මෙරටට ගෙන ඒමත් සමගම තමන්ට හිමිවුන ජනප්‍රියත්වය ගැන අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

“2017 වර්ෂයේ විශ්ව විවාහක රූ රැජන ලෙස හා නිරූපිකාවක් විදියට ගොඩක් අය මාව දැනගෙන හිටියට range rover රථය මිලදී ගත්තට පස්සේ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කරන්න පටන් ගත්තෙ. මම හිතනවා ඒක නිරූපණ ක්ෂේත්‍රය ගැන තිබ්බ කළු පැල්ලම ඉවත් කරන්න ලොකු සේවයක් කළා කියලා.”

කෙසේවෙතත් මුල් රැකියාව ලෙසින් ගුරු වෘත්තිය තෝරාගන්නා ඇය උසස් පෙළ විභාගය අවසන් කරමින් මාස කිහිපයක් නිවස අවට තිබෙන නිවෙස්වල සිටින දරුවන්ට ටියුෂන් කරල තිබෙනවා. අනතුරුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට යන ත්‍රිකලා ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව හදාරනවා

ඒ විදිහට සිය උත්සහය සහ කැපවීම මත ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙසෙන ඇය මේවෙද්දී ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවා. ඉතින් මේවෙද්දී ලස්සනට විවිධ විලාසිතා කරමින් ජීවත්වන ඇය නිතරම මිලෙන් අධික ඇඳුම් පැළඳුම් තමයි භාවිතා කරන්නේ. ඒ ගැන ඇය කියන්නේ මෙවැනි කතාවක්

“බ්‍රෑන්ඩ් එකක නමක් කිවුවහම ලංකාවේ සමහර මොඩල්ස්ලා උඩ බිම බලනවා. අපේ මිනිස්සුන්ට තව ලෝකය පිළිබඳව අවබෝධයක් අවශ්‍යයි. පිටරට model කෙනෙක් අනිවාර්යෙන්ම අදින්නේ බ්‍රෑන්ඩ් නේ. මම පිටරට ඉන්ටවිව් එකකට යනවනම් හිසේ සිට දෙපතුල තෙක් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ. මොකද මුලින්ම මනුස්සයෙක් හම්බ වෙද්දි එයාගේ හිත කියවන්න බැහැ පේන්නේ බාහිර පෙනුම විතරයි.”

ඉතින් මේවෙද්දී ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන ඇයට හැමදාමත් මේ විදිහට ලස්සනට ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්