Oct
17

දකුණු ලකට එළිය ගෙනෙන ” දියදම් උයන”

 
471 Views
   
 

සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් ගාල්ල නගරය කේන්ද්‍රව සංවර්ධන ව්‍යාපෘතින් රැසක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 200 කට අධිකය. ගාල්ල හෝලුවාගොඩ කෘෂි පාරසරික උද්‍යානයේ ඉදිකිරීම්ද මේ වනවිට 50% කින් අවසන් ව ඇත. හෝලුවාගොඩ කෘෂි පාරසරික උද්‍යානයේ මූලික අධියරේ කටයුතු පසුගිය වර්ෂයේ දී අවසන් කෙරිණි.වැවිලි අමාත්‍යාංශය යටතේ ඉදිවන මෙය නම් කර ඇත්තේ “දියදම් උයන ” ලෙසයි.

ව්‍යාපෘති උප්දේශණය සහ නිර්මාණ සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. අක්කර 13 ක භූමි භාගයක ඉදිකෙරෙන කෘෂි පාරසරික උද්‍යානයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 222කි. මෙම හෝලුවාගොඩ වෙල් යාය ශ්‍රී ලංකාවේ ඉදිවන ප්‍රථම කෘෂි පාරසරික උද්‍යානයයි. ගං වතුර පාලනය කරමින්, ජල තටාංගන භාවිතා කරමින් ගිං ගඟට සම්භන්ධ වන හෝලුවාගොඩ ඇළ තවත් ශක්තිමත් කිරීම මෙහි පළමු අධියරේදී සිදුකිරීමට බලාපොරොත්තු වේ. ප්‍රදේශයේ ජීවත් වන කෘෂිකාර්මික ජනතාවගේ කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සහ තායිලන්තය ,ඉන්දුනීසියාව වැනි රටවල් භාවිතා කරන “ප්‍රෝටීන් මා‍ර්කට්” යන ක්‍රමය මෙහි භාවිතා කර ඇත.
ගාලු නගරයට පැමිණෙන සංචාරයන් හට කෘෂිකර්මාන්තය පිළිබඳ නැවුම් අත්දැකීමක් ලබාදීම දිය දම් උයනේ ප්‍රධාන බලාපොරොත්තුවයි.

මෙහි” සෝජාන්” ක්‍රමයට කෘෂිකාර්මාන්තය කරන අතර මෙම කෘෂිකාර්මික කටයුතු කිරීමේ දී රසායනික ද්‍රව්‍ය කිසිසේත්ම භාවිතා නොකරන අතර කාබනික ක්‍රමයට එනම්, වසවිසින්තොර කෘෂ්කර්මාන්තයක් දැකගත හැක.
කෘෂි පාරසරික උද්‍යානයට අමතරව ඇවිදින මන්තීරු , බෝට්ටු අංගනයක් , ශාරීරික සුවතා මධ්‍යස්ථානයක් , ළමා උද්‍යානයක් , රථවාහන නැවතුම් ස්ථානයක් , හෙලබොජුන් හලක් සහ කෘෂි අලෙවි මධ්‍යස්ථානයක් මෙම ස්ථානයේ නිර්මාණය කිරීමට නියමිතයි.2022 වර්ෂය අවසානයේ සියලු ඉදිකිරීම් අවසන් කිරීමට වැවිලි අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ , මේ මොහොතේ අපේ රට මුහුණ දී තිබෙන කොවිඩ් අභියෝග ද ජය ගනිමිනි.නුදුරු දිනයක අපේ රට සම්පූර්ණයෙන්ම විවෘත වේවි.එවිට සංචාරයන් අපේ රටට පැමිණේවි.ඒ සංචාරයන් පැමිණෙනවිට ඔවුන්ට දැකබලා ගැනීමට සොඳුරු දේ නිර්මාණය වී අවසන් තිබේවි. එක්ව නැගිටිමූ… යළි හිනැහෙමූ…..
මවුබිම වෙනුවෙන් කැපවෙමූ…(රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්