Oct
23

නොවැම්බර් 01වනදායින් පසු බුස්ටර් එන්නතක්

 
820 Views
   
 

තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් සහ ඉදිරිපෙළ අනෙකුත් සේවක කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර ගතවූ දිනයේ පුද්ගලයින් 150,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකර තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ පළමු මාත්‍රාව 79,732 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 72,228 දෙනෙකු සඳහාත් ඊයේ (21) දිනයේ ලබාදී ඇති බවය. එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ ෆයිසර් එන්නත් මාත්‍රා 76,549ක් ලබාදී තිබේ. ඒ අනුව මෙරට එන්නත්කරණය සිදුකර සම්පූර්ණ කර ඇති පිරිස 12,932,536ක් දක්වා ඉහළ ගොස් ඇත.
අවුරුදු 18 හා 19 වයස්වල පාසල් සිසුන් සඳහා දිවයින පුරා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණු අතර අද සිට වයස අවුරුදු 16න් ඉහළ සිසුන් සඳහා ද එම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්