Sep
25

නාරාහේන්පිට බෝ ම්බ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අල්ලයි

 
753 Views
   
 

පසුගිය 14 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුල තිබී ජීව අත් බෝ ම්බයක් සොයා නීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (24) අත් අඩංගුවට ගෙන තිබෙනවා. 22 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී, කොළඹ අ ප රාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙහි ප්‍රධාන සැකකරු විසින් සිදුකළ අනාවරණය කිරීමකින් අනතුරුවයි අදාල 22 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ. මොහු මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුට බෝ ම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති  බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු පැවසුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්