Aug
23

2020 වසරෙදි ඔහුගේ රැකියාව අහිමි වෙනවා, මේ වෙද්දි ඔහුගේ ඇස්තමේන්තුගත වටිනාකම කෝටි 50 ආසන්නයි – ජීවිතේ ගොඩදාගන්න මහා ලොකු දේවල් අවශ්‍ය නැ ති බව පසක් කළ මිනිසා

 
1754 Views
   
 

මේ ඉන්නේ Khaby lame. මොහුව ටික්ටොක් කරන අයනම් නො දැන ඉන්න විදිහක් නෑ.

Khaby lameට තියෙන්නේ හරි අපූරු ජීවිත කතාවක්. 2020 වසරේදී Khaby lameගේ රැකියාව ඔහුට අ හමි වෙනවා. පසුව ඔහු කරන්නේ ටික්ටොක් ගිණුමක් හදන එක.

ඔහු නිර්මාණාත්මක වීඩියෝ එයට ඇතුලත් කරනවා. ඉතාමත් කෙටි කලකින් ඔහුගේ වීඩියෝ නො සිතූ විදිහට සමාජගත වෙන්න පටන් ගන්නවා. ඒ කොච්චරක්ද කියනවානම් ඔහුගේ ටික්ටොක් ගිණුම මිලියන 104 කට වැඩි පිරිසක් Follow කරනවා.

මේ වෙද්දි ඔහුගේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් 2,500,000 ක්.. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 50කට ආසන්නයි. Khaby lame මේ තරම් වටිනාකමකට හිමිකම් කියන්නේ ඔහුගේ වීඩියෝවල වචනයක්වත් ඔහු කතා නො කරමින් වීම විශේෂත්වයක්.

මේ කතාවෙන් ඔබටත් තේරුම්ගන්න තියෙන්නේ ජීවිතේ වෙනස් කරගන්න මහා ලොකු දේවල් අවශ්‍ය නැ හැ කියන එකයි. තමන් තුල සැඟවිලා තියෙන නිර්මාණශීලිත්වය හදුනගන්න පුළුවන්නම් ජීවිතේ ගොඩ දාගන්න එක අමාරු දෙයක්නම් නෙවෙයි. ඒකට හොඳම උදාහරණය තමයි Khaby lame.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්