Mar
11

ලංකාවේ හැමෝම ආදරය කරන ඉෂී අම්මාගේ චරිතයට හඩකවන චේතනා කැටගොඩ කියන කතාව

 
565 Views
   
 

මේවෙද්දී ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් බොහෝදෙනෙකු හදුනන නිහතමානී චරිතයක් තමයි චේතනා කැටගොඩ කියන්නේ. ඇත්තෙන්ම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මේවෙද්දී සුවිශේෂී වු ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න ඇය ටික් ටොක් හරහා ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගන්නවා. ඒ විතරක් නොවෙයි චේතනා කැටගොඩ කියන මේ චරිතය ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය හිමිකර ගත් හඬ කැවීම් ශිල්පිනියක්ද වෙනවා. කෙසේවෙතත් අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ ඇයත් සමගිනුයි

චේතනා කියන්නේ මේවෙද්දී අපේ රටේ ජනප්‍රිය චරිතයක්. ඉතින් රංගන ශිල්පිනියක් වෙන්න ඔබ මුලදි කැමති වුනේ නැද්ද ?

ඇත්තටම නැහැ. මොකද ඒක මගේ ලොකු ෆැෂන් එකක් නෙවෙයි. මම තීරණය කරන්න ඕන මගේ සුදුසුකම් වලට ගැලපෙන දේවල් කරන්න. හැබැයි මම හොයාගෙන නොගිහින් කරපු ටෙලිනාට තුනක් වගේ තියෙනවා. මම ලැබෙන හැම ආරාධනා පොත් පිළිගන්න කෙනෙක් නෙවේ. මොකද මම තීරණය කරන්න ඕනේ මට ඒ දේ කරන්න පුළුවන්ද කියලා

ඔබ මේවෙනකම් රගපෑ චරිත සහ ඔබට ලැබෙන චරිත කොයි වගේද ?

ඇත්තටම මගේ මුහුණ දැක්කම මට ගොඩක් ලැබෙන්නේ පිස්සු චරිත. මට ගොඩක් චාන්ස් තියෙන්නේ ඒ වගේ චරිත වලට තමයි. මම කරපු සමහර චරිත ඇත්තටම හොයාගන්න වත් නැහැ. ඒ චරිතවල කටහඬ පවා වෙනස්

චේතනා කැටගොඩ කියල කියන්නේ මේවෙද්දී ආදරවන්තියක්ද ?

ඇත්තටම මම තාම තනිකඩ කෙනෙක් .මට කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු තුනක් තිස්සේ මට ප්‍රේමයක් නැහැ

අපි හැමෝටම වගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තුව ගැන කතා කළොත් ?

2022 මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මලේ සිගින් පැත්ත හදාගන්න එක. මම සංගීතය කියන දේ නතර කළා දැන් අවුරුදු දහයක් විතර වෙනවා

චේතනා කියන්නේ මේවෙද්දී ටික්ටොක් හරහා ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඉතින් ඔබ කොහොමද ටික්ටොක් වලට සම්බන්ධ වෙන්නේ ?

ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ මගේ මානසික නිදහස උදෙසා. ඇත්තම කතාව මම එක පටන් ගත්තෙ ආතල් එකට කික් එකට. ඒ අවුරුදු පහකට විතර කලින්. මගේ ජීවිතේ හරියට අච්චාරුවක් වගේ. මොකද මම නීතිය කරනවා ගුරුවරියක් විදිහට කටයුතු කරනවා හඬ කවනවා මේ හැමදේම එක්ක තමා මම ජීවිතේ ගෙවන්නේ. සමහර වෙලාවට මම බොහොම සාමාන්‍ය විදිහට මේ දේවල් කරන නිසා තමයි ගොඩක් අය මට කැමතියි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්