Feb
5

” ආදරේ කරන්න තෝරාගන්න ඕන දුර ඉන්න කෙනෙක් නෙමෙයි ළඟ ඉන්න කෙනෙක් ” ෂෙරිල් ඩෙකර් කියන කතාව

 
1551 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අපට දැකගන්නට ලැබෙන ජනප්‍රිය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියල කියන්නේ. මීට වසර කිහිපයකට පෙරදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අමා ටෙලි නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයට මෙරට ජනයා අතර සීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිවෙනවා. කොහොම නමුත් මෑත කාලයේදීනම් අපට ඇයව වැඩිය ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ

ෂෙරිල් මේවෙනකොට විවාහකයි. ඇය විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය ගායකයෙකු සමගයි. ඒ රුවන් හෙට්ටිආරච්චි මහතා සමගින් වන අතර ඔවුන් දෙදෙනා ඉතාමත් සතුටින් සිය විවාහ දිවිය ගත කරන බවයි අපට දැනගන්නට ලැබුණේ. කොහොමහරි ඉතින් රුවන් ගායනා කරපු නොදැක ඉන්න බෑ කියන ගීතයට තමයි ඇය මුලින්ම වශී වෙන්නේ. ඒ ආසාව නිසාවෙන්ම ඇය ඔහුගේ නම්බර් එක හොයාගෙන ඔහුට හදවතින්ම සුබ පතන්න තීරණය කරනවා

ඉතින් ඔවුන්ගේ මේ සුන්දර හමුවීම ගැන ඇය පසුගිය දිනක පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවක්

” මම කෝල් කරද්දි ටිකක් ගැඹුරු හඬකින් ඔහු හෙලෝ කිව්වා. මම වෙවුල වෙවුල හරිම අමාරුවෙන් වචන එකතු කරමින් අයියගේ නොදැක ඉන්න බෑ මියුසික් වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේ සින්දු තව කරන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ බොහොම ස්තූතියි නංගි ඔයා කවුද කියලා ඇහුවා” කියලයි

ඉතින් මේ විදිහට ඔහුට කතා කරපු ඇයට සතියක වගේ කාලයක් යද්දී රුවන් නැවත වරක් කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ රුවන්ගේ අලුත්ම ගීතයක් වන සීත මාරුතේ ගීතයේ වීඩියෝවට ආරාධනාවකුත් සමගින්. ඉතින් මේ වෙලාවේ ඔහු ඇගෙන් බජට් එක කීයද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ දෙන්නම ටිකෙන් ටික කතාබහ කරන්න පටන් අරන්. මේ විදිහට කතා කරගෙන යද්දී කොහොමින් කොහොම හරි දන්නෙම නැතුව දෙන්නාගේ මේ හිතවත්කම ආදරයක් බවට පෙරලිලා පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් රුවන්ගේ පෙම්වතිය බවට පත්වුණු ඇය මේ සොඳුරු අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි

කොහොමින් කොහොම හරි එයා ගැන පැහැදීමත් එක්ක මම රුවන් හෙට්ටිආරච්චි කියන මේ ගායන ශිල්පියා ගැන හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා දවසක් ඔහුගේ අදහස කෙලින්ම කිව්වා. මම ඒ වෙලාවේ කිව්වා මට පිටරට boy කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ රුවන් කිව්වා නංගි ආදරේ කරන්න තෝරාගන්න ඕන දුර ඉන්න කෙනෙක් නෙමෙයි ළඟ ඉන්න කෙනෙක් කියලා

ඊටත් පස්සේ මං හිතන්නේ මාසයක් ගත උනෙත් නැහැ දවසක් ඔහු මට දීපු කෝල් එකක් පැය අටක් තරම් දුරදිග ගිහින් අපි බොහෝ දේවල් කතා බහ කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පෙම්වතුන් වුණා

ඉතින් ඒ විදිහට තමයි රුවන් ෂෙරිල් ආදර කතාව ගොඩ නැගෙන්නේ. කොහොම නමුත් ඔවුන්ගේ මේ සම්බන්ධයට මුල් කාලයේදීනම් ගෙවල් වලින් ලොකු කැමැත්තක් ලැබිලා නැහැ. ඊට පස්සේ කාලයත් එක්ක හැම ප්‍රශ්නයක්ම විසඳිලා දෙන්නට සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්