Sep
9

පවතින සංචරණ සීමා තවත් දීර්ඝවෙයි? තීරණය ලැබෙන හැටි මෙන්න

 
519 Views
   
 

මේවන විට පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ද නැත් ද යන්න තීරණය හෙට ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. රට යළි විවෘත කළ ද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු කියාසිටියේ. එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් හෙට පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. සංචරණ සීමා පැනවීමට පෙර දෛනිකව කොරෝනා ආසාදිතයන් 4000 ඉක්මවා වාර්තා වූ අතර ම රණ 200 ද ඉක්මවා ගියා. මේවන විට දෛනික ආසාදිතයන් 3000ට වඩා අඩු වී ඇති අතර ම රණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. එබැවින් මෙම සංචරණ සීමා පැනවීම තුලින් රෝගීන් සහ ම රණ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ. ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් හමුවීම මෙන්ම ම රණවල අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි ඔහු අපේකෂා කරන්නේ. එබැවින් ජනතාව සංචරණ සීමාවලට දැඩිව අනුගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්