Jul
8

සිරස ස.ජ.බ JVP එව බලව !

 
544 Views
   
 

අප කුඩා කලදී අවුරුද්දේ යම් කාලසීමාවල පේළියට පියාඹා යන සමනලුන්ගේ දසුන් අපි සුන්දරව වින්දෙමු. සමනල අඩවිය දෙසට ඇදෙන මේ සමනලුන් සිරිපා වන්දනාවේ යන බව අපට කියා දුන්නේ ආච්චි අම්මාය. කල් ගත වන විට මෙම සුන්දර දසුන අපට නොපෙනී ගියේය. එදා කමතේ, ඇළේ දුව පැන නැටූ ළමයින් ඇළේ නටන දණ්ඩින් සහ හඳයන් නිසා ලැබූ සතුට ද ටිකෙන් ටික අපට අහිමි විය. ගෙවත්තේ මල් පිපී සුවඳ දෙන විට ඒ සුවඳ ඔස්සේ ඇදුණු බිඟුන්ගේ ගුමු ගුමු නාදය ද එදා මෙන් දැන් අපට ඇසෙන්නෙ නැ’ත. ගොවිතැනක් බතක් කර ගෙන සරල දිවිපෙවෙතක් ගත කළ අපේ මිනිස්සුන්ට ගොවිතැන බරක් විය. ණය තුරුස් පියවා දැමීමට නොහැකිව ඔවුහු වේලාසනින්ම යන්නට ගියහ. එසේ යන්නට ද ඊට බලපෑ දේවල්ම ඔවුන්ට පිහිට විය. රටටම බත සපයා පිටරටටද සහල් යැවූ රටක් වැඩි අස්වනු වැඩි ලාභය වෙනුවෙන් සරු පස රසායනික පොහොරට, බෙහෙතට යට කර පිටරටින් නැව් එනතුරු බලා සිටින ජාතියක් බවට පත් විය. රටට බත සැපයූ ගස් ගල් වගේ සිටි රජරට ගොවි රජවරු තමන් අස්වැද්දූ මහපොළොවේ පස්වලට අකලට යටවන විට කොතැන හෝ තැනකදී අපට වැරැදී ඇති බව ටිකෙන් ටික තේරුම් යන්නට විය. කුඹුරට බෙහෙත් ගන්නට ණය වූ මිනිසුන්ට වකුගඩු රෝගයට බෙහෙත් කරන්නට ගොස් තවත් ණය වන්නට විය. බෝ නො’වන රෝගවලින් මි’ය යන මිනිසුන්ගේ ගණන එන්න එන්නම වැඩි වුණා මිස අඩු වුණේ නැ’ත.

ප්‍රතිඵල ගැන කම්පා වූව ද ‍හේතු එලෙසම තිබිණි. අධික මිල ගණන්වලට කාබනික ආහාර පරිභෝජනය කළ ඇති හැකි මිනිසුන් රසායනික පොහොර, කෘමිනාශක, පළිබෝධනාශක අඩු නැතිව යොදා හැදූ වගා බිම්වල ආහාර පරිභෝජනය කර ලෙඩ වෙන නැ’ති බැරි මිනිසුන් ගැන කරදර වූයේ නැ’ත. ලෝකයේ ඇති බලසම්පන්නම පොහොර හා කෘෂි රසායන සමාගම්වල හයිය දන්නා ආණ්ඩු මේ ගැන කරදර වූයේ ද නැ’ත.

අතීතයේ කොතැන හෝ තැනකදී අපට වැරදුණු බව ඇත්තය. එසේ නම් කොතැන හෝ තැනකදී එය නිවැරැදි කිරීම ද විය යුතුය. රසායනික පොහොර, කෘෂි රසායන ආදිය හේතුවෙන් අකලට අ’හිමි වන ජීවිත රැක ගත යුතුය. ගැඩවිල් පණුවාටවත් ජීවිතයක් නැ’ති මහ පොළොව යළි සාරවත් කළ යුතුය. සමනලුන්, මීමැස්සන්, දණ්ඩි, හඳයි අඩු නැ’ති පරිසරයක් යළි නිර්මාණය විය යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් රසායනික පොහොර පළිබෝධනාශක හා කෘෂි රසායන භාවිතය සම්බන්ධයෙන් ගත් නිවැරදි මෙන්ම දූරදර්ශී තීන්දුව ඊට මුලපුරනු ඇත.
ලෝක ප්‍රකට ඉන්දීය පරිසරවේදිනියක වන මහාචාර්ය වන්දනා ශිවා ජනාධිපතිවරයා ගත් මේ තීරණය ඉහළින්ම අගය කළේ මේ තීරණය ක්‍රියාත්මක කිරීමේදී හා එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ඇය ලබා ඇති අත්දැකීම් සම්භාරය ද සමඟ ශ්‍රී ලංකාවට සහාය වන බව පවසමිනි. පසුගියදා ජාතික වැවිලි කර්මාන්ත ආයතනය (NIPM) මඟින් වාර්තාගත ක්‍රමවේදය ඔස්සේ සංවිධාන කළ සමුළුවක් අමතමින් ඇය මේ පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කළාය. කාබනික වගාවකින් ලබාගන්නා ආහාර ද්‍රව්‍යවල ශක්තිය, කැලරි, ප්‍රෝටීන, විටමින ආදී ප්‍රභව ද ඉහළය. එම ආහාර අපේ නිරෝගී පැවැත්මට හේතුවන අතර රසායනික පොහොර, කෘෂි රසායන ආදිය යොදා කරන ගොවිතැන හේතුවෙන් අපට ලෙඩ රෝග ඇති වීම සිදු වේ. අස්වැන්න ගණනය කළ යුතු වන්නේ කොපමණ ප්‍රමාණයක් ද මත පදනම්ව නොව ගුණාත්මකභාවය ද සැලකිල්ලට ගනිමිනි. භූමියට සාගරයට, ජෛව විවිධත්වයට ආදී වශයෙන් ඇති කරන බලපෑම් ද මෙහිදී අවධානයට ලක් විය යුතුය.

සමස්ත කෘෂි නිෂ්පාදනයම ලබා ගැනීම සඳහා යටත්විජිතවාදීහු රසායනික පොහොර හඳුන්වලා දුන්හ. පුරාණයේ සිට පැවත ආ අපේ සාම්ප්‍රදායික මෙන්ම ස්වාභාවික කාබනික ගොවිතැන මරලා දැම්මා. අපේ සාම්ප්‍රදායික බීජ වර්ග සොරකම් කරගෙන රසායනික පොහොරවලට පමණක් ප්‍රතිචාර දක්වන කෘත්‍රිම බීජ වර්ග හඳුන්වා දුන්හ. ඔවුන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු නොමඟ යැවූහ. “අල්ලක් වපුරා මල්ලක් ගෙට ගමු” කියන සංකල්පය හඳුන්වා දෙමින් ඒවා රැවටුවා යනුවෙන් කන්දේගම මහතා පැහැදිලි කරන්නේ අපට වැරැදුණු හැටිය

සාම්ප්‍රදායිකව භාවිත කළ නගුල පසේ ඓන්ද්‍රීය ජීවීන් සිටි ගැඹුරට ගමන් නොකළ ද ට්‍රැක්ටරය එම ජීවීන් වනසා දමමින් පසට හානි කළේය. යටත්විජිතවාදීන් අපේ කෘෂිකර්මය විනාශ කිරීමට පෙර ලාංකිකයන් සිය ඉඩම්වල වගා කටයුතු කළේ කාලසටහනකට අනුවය. මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස සම්පාදනය කළ කෘතියක දැක්වෙන පරිදි රටේ අන්ත දෙකක ඇති හන්තාන සහ ගතානෙන් දෙමසකදී ලබා ගත් පස් සාම්පල 2 ක් එක සමාන විය. මෙය සිදුව තිබුණේ එකම කාලයක වර්ෂාව මෙන්ම හිරු එළිය ද හොඳින් පවතිද්දීය. මෙම දෙමස තුළ මෙරට පසේ දක්නට හැකි සියලු ඓන්ද්‍රීය ජීවීන් කොටස් සක්‍රීයය. කාබනික පොහොර යෙදීමෙන් වියළි කාලයට පසු එළැඹෙන පළමු වැසි සමයේදී පස ස්වභාවිකවම පෝෂණය වීම සිදු වේ. රසායනික පොහොර යෙදීම නිසා මෙම ස්වභාවික රටාව උඩු යටිකුරු වූ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

කන්දෙගම මහතා පවසන පරිදි වර්ෂ 1933 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අපේ රටේ සියලු ගොවීන්ට පොතු දහනය මඟින් ලබා ගත් අළු කිලෝ ග්‍රෑම් 75 ක් සහ දරවලින් ලබා ගත් අළු කිලෝ ග්‍රෑම් 150 ක් බැගින් කුඹුරු සඳහා හඳුන්වා දීම සිදුවිය. මෙය කාබනික පොහොර භාවිතයේදී නිවැරදි ප්‍රමාණයයි.

කුඹුරුවලින් වැඩිම වී අස්වැන්නක් ලබා ගත හැකි වන්නේ ජුනි 21 – දෙසැම්බර් 21 අතර පළමු වර වැපිරීමෙනි. අකුණු සමය එළැඹෙන්නට පෙර බීජ වැපිරීම කළ යුතු වේ. නයිට්‍රජන්වලින් 78%ක්ම ඇත්තේ වායුගෝලයේය. එම නයිට්‍රජන් පොළවට ලැබෙන්නෙ අකුණු මඟිනි. පසේ සිටින ඓන්ද්‍රීය ජීවීන්ට ක්‍රියාත්මක වීම සඳහා දෙසතියක කාලයක් තිබිය යුතුය. වේළි තැනීමෙන් පසුව කාබනික පොහොර කුඹුරට යෙදිය යුතුය. කුඹුරට පිදුරු එකතු කළ යුතු වන්නේ අස්වනු නෙළීමත් සමඟ නොව මාස කිහිපයක් තිස්සේ දිරාපත් වීමට සැලැස්වීමෙන් අ’නතුරුවය. නිවෙස්වලින් බැහැර කරන සියලු දිරා යන කාබනික කොටස් කුඹුරට යෙදිය හැකියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් ක්ෂුද්‍ර ඓන්ද්‍රීය ජීවීහු සිටිති. වගාවට හිතකර වන පරිදි ඔවුන්ට රුකුල් දීම වෙනුවට රසායනික පොහොර යෙදීමෙන් සිදුවන්නේ ඔවුන් මරා දැමීමය. පසට යොදන නයිට්‍රජන් පොහොරවලින් වගාව උරාගන්නේ 20%ක් පමණය. ඉතිරිය එක්වන්නේ ජල මූලාශ්‍ර ආදියටය. පරිසරයටය.

කෘමීන්ගෙන් නොව සතුන්ගෙන් අස්වැන්න බේරා ගැනීම සඳහා නක්ෂත්‍ර දැනුම උපයෝගී කරගත හැකිය. කන්දෙගම මහතා පවසන පරිදි කුඹුරු අක්කරයක් කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වන්නේ අළු කිලෝ ග්‍රෑම් 5 ක් පමණි. උදෑසන 7 ට පෙර අළු ගොයමට ඉහළින් විසුරුවා හළ යුතුය. අ’නතුරුව එම අළු තට්ටුවක් ලෙස ගොයම් ගස් මත පතිත වේ. මෙම ප්‍රතිකාරය කිරීමෙන් පසු කෘමීන්ගෙන් ගොයමට හානි සිදු නොවේ. මෙවැනි කාබනික වගා ක්‍රම හේතුවෙන් කිසිදු ජීවියකු මි’ය යන්නේ ද නැත. කාබනික ගොවිතැනේ පදනම ද එයමය.

ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට සමාගම් සතුව ඖෂධ නිෂ්පාදන සමාගම් ද තිබේ. මෙය සමපාත තත්ත්වයක් නොවේ. ග්ලයිපොසේට් පිළිකා සහ තවත් රෝග ඇති කිරීමට හේතුවකි. පිළිකා සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ අවශ්‍යය. පළිබෝධනාශක නිසා සෞඛ්‍යයට ඇති වන අ’හිතකර බලපෑම් ඒවාට නිරාවරණය වන කාලය සහ එම ප්‍රමාණ මත ද රඳා පවතී. ඒවා සුළු අසාත්මිකතාවල පටන් දද, හුස්ම ගැනීමේ අ’පහසුතා, ස්නායු ආබාධ, ප්‍රජනක වශයෙන් ඇති වන අ’සාමාන්‍යතා මෙන්ම පිළිකා වැනි රෝගවලට ද හේතුවකි. රෝග නිධානය නොදන්නා නිධන්ගත වකුගඩු ආ’බාධවලට ද මෙම රසායනිකයන්ට නිරාවරණය වීම හේතු වී තිබේ. ගණනය කළ නො’හැකි තරම් අධ්‍යයනවලින් තහවුරු කර ඇති පරිදි පළිබෝධනාශක, පිළිකා, ඇල්ෂයිමර් ආදී රෝගවලට මෙන්ම විකලාංග දරු උපත්වලට ද හේතුවකි මෙම කෘමිනාශක වර්ග අ’හිතකර වන්නේ ශාකවලට නො’ව වගාවට හිතකර කෘමීන්, මසුන්, පක්ෂීන් ආදී ජීවීන්ට බව පෙනී ගොස් තිබේ.

රජය විසින් රසායනික පොහොර, පළිබෝධනාශක හා වල්නාශක ආනයන තහනම පිළිබඳ තීරණය ගෙන ඇත්තේ 1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේය. මේවා ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව වැය කරන මුදල ඇ.ඩොලර් මිලියන 500ක් පමණ වේ. එම මුදල ඉතිරි කරගත හැකි නම් වෙනත් සංවර්ධන සහ සුභසාධක කාර්යයන් සඳහා හැකියාව ලැබේ. පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ද රටින් පිටට ඇදෙන මෙම මුදල් සම්භාරය ගොවි ජනතාව වෙනුවෙන් යෙදවීමට හැකිවන බවය.

අධික වශයෙන් රසායනික පොහොර හා කෘෂි රසායන භාවිත කිරීම මිනිසාට මෙන්ම පරිසරයට ද අහිතකර බව හොඳාකාර පැහැදිලිය. එබැවින් ඒ වෙනුවට තිරසර කාබනික ගොවිතැනට යෑමට තැබූ මෙම පියවර අගය කිරීම, එය දිරිගැන්වීම සහ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා වෙහෙසීම වෙනුවට ඊට එරෙහිව විරෝධතා පුවරු ඔසොවන අය තමන් සේවය කරන්නේ කා වෙනුවෙන් ද යන්න සහ තමන් එරෙහි වන්නේ කාට ද යන්න සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුය.

මෙන්න බලන්න තවත් ගොසිප්