Jun
13

ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමට අවධානය

 
1032 Views
   
 

ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටවුක් පත් කෙරෙනු ඇති බවයි.

එමගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම සහිත පාසල් පිහිටුවීමේ හැකියාව විමසා බැලෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ, දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි හඳුනා ගත් පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ, 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සිසුන් සඳහාය.

අදාළ ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්