Oct
26

දේශීයත්වයට මුල් තැන

 
503 Views
   
 

ලෝකයටම ඇඳුම් මහන අපේ රට , වාර්ෂිකව නිමිඇඳුම් ආනයනයට විශාල මුදලක් වැය කරන අතර , එම මුදල අපේම පේෂ කර්මාන්තය නගාසිටුවන්නට යෙදවීමට හැකි නම් ඉතාමත් අගනා කාර්‍යකි. පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ පේෂකර්ම ගොඩනැගිල්ල විවෘත කර පුහුණු කටයුතු ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඉදිරි අයවැයෙන් පේෂකර්මාන්තය නගා සිටුවීමට විශාල මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

මුලු ලොවක් දිනූ සන්නාමයන් සහිත නිමි ඇඳුම් නිමවන අප රට , වර්ෂයකට වරක් පිටරටින් මෙරටට ඩොලර් මිලියන 300ක පමණ ඇඳුම් ආනයන කරයි. මෙලෙස හොංකොං, බැංකොක් වැනි රටවලින් ගෙන්වන ඇඳුම් නිශ්පාදන අප රට තුළම නිශ්පාදනය කිරීමට ශක්තිය හා හැකියාව ඒ සඳහා අවශ්‍ය දැනුම, පුහුණු ශ්‍රමිකයින් සියල්ල අප සතුය. අවශ්‍ය වන්නේ රටට අවශ්‍ය නිමි ඇඳුම් රට තුළම නිශ්පාදන සඳහා සූදානම් වීම පමණයි. නව ආකල්ප සමග දේශීය දේ සඳහා වටිනාකමක් දෙන වත්මන් රජය සහ සෞභාග්‍යයේ දැක්මේ සංකලනයක් ලෙස ඉදිරියේ දී පේෂකර්මාන්තයේ නව පිබිදීමක් දක්නට ලැබේවි. දේශීයත්වය සමග පෙරට. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්