Dec
28

“අමාත්‍යංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, බහුතරය අසාර්ථකයි” – ජනපති දුක කියයි

 
1271 Views
   
 

විද්යාත්මක පදනමක් ඔස්සේ උගත් බුද්ධිමත් පිරිසක් අමාත්යංශ වල හා සංස්ථාවල මුල් පුටුවලට පත් කළ ද ඉන් බහුතරයම තම වගකීම් ඉටු කිරීමේදී අසාර්ථක වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කළේය.

පුවත්පත් කර්තෘවරුන් සමග ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) පැවති හමුවකදී ජනාධිපතිවරයා අනාවරණය කළේ සංස්ථා සභාපතිවරුන් හා අමාත්යංශ ලේකම්වරුන් රාජකාරිමය වශයෙන් කටයුතු කිරීමේදී ඔවුන් අනුගමනය කළ ක්රියා කලාප වල සමතුලිතභාවයක් නොතිබූ බවය.

තීන්දු තීරණ ගැනීමේදී ඒවා ක්රියාත්මක කිරීමේදී හා අමාත්යවරුන් සමග පැවති ගනුදෙනුවේදී පවා ඔවුන්ගේ ප්රායෝගික බවක් නොතිබූ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වියත්මග ඇතුළු විද්වත් සිවිල් සංවිධාන නියෝජිතයින්ද පෙරටු කොට ගනිමින් දේශපාලනයේ යුක්තව කටයුතු කළ නිසා අභිනව ජනාධිපතිවරයා රට තුළ පැහැදිලි වෙනසක් ඇති කරන බවට ජනතා විශ්වාසයක් තිබූ නමුදු විද්යාත්මක පදනමක් ඔස්සේ සම්මුඛ පරීක්ෂණ පවත්වමින් පත්කළ සංස්ථා සභාපතිවරු හා අමාත්යංශ ලේකම්වරුන් බහුතරයක්ම අද වන විට අසාර්ථක වී ඇත්තේ ඇයිද යන්න කර්තෘවරයකු නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

බුද්ධිමත් පිරිස අතරින් පත්කළ සමහරෙක් ඉතා හොඳින් තම වගකීම් ඉටු කළද බහුතරයක්ම වගකීම් ඉටු කිරීමේදී අසාර්ථක වූ බව ජනාධිපතිවරයා මාධ්ය ආයතන ප්රධානින් හමුවේ ප්රකාශ කළේය. 

තමා ජනාධිපතිධුරයෙහි වගකීම භාරගන්නා සමයෙහි විශාල බලාපොරොත්තුවක් ප්රමාණයක් සමග සෞභාග්යය දැක්ම අනුව සැලසුම් සකස් කළද කිසිවකුත් නොසිතූ අයුරින් කොවිඩ් වෛරසයේ ව්යාප්තියත් සමග ආර්ථිකය ඇතුළු සමස්තය කඩා වැටුණු බවද ජනාධිපතිවරයා පැවසීය. 

වසරකට සංචාරක කර්මාන්තය තුලින් ලැබූ ඇමරිකානු ඩොලර් බිලියන 5 ක ආදායම, භාණ්ඩාගාර බිල්පත් තුළින් ලැබූ ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම, අපනයන තුළින් ලද දැවැන්ත ආදායම, රට රැකියා කරන පිරිස් වෙතින් ලැබෙන ආදායම ආදී රටට ඩොලර් ගලාගෙන එන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇතැයිද ජනාධිපතිවරයා හෙළි කළේය. 

වාර්ෂිකව ඩොලර් බිලියන 6.5 ක ණය වාරික ප්රමාණයක් ගෙවීමට මෙන්ම බොරතෙල් ගෙන්වීම සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක මුදලක් වෙන්කිරීමටද සිදුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. 

කොවිඩ් වසංගතයට පෙර ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ප්රමාණයක් මෙරට සතු වූ බව ද එවකට සිටි මහ බැංකු අධිපතිවරයා කොවිඩ් හේතුවෙන් ආදායම් මාර්ග කඩා වැටීමට ඉඩ ඇති නිසා ඩොලර් සංචිත ප්රමාණය හිඟ වනු ඇතැයි ද තමාට අනතුරු ඇඟ වූ බවද ජනාධිපතිවරයා පැවසීය. 

එම නිසා රට තුළ රථ වාහන ගෙන්වීම හා සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කළ බවද හෙතෙම ප්රකාශ කළේය. ගතවූ දෙවසර තුළ විදේශ ණය ආධාර මත ක්රියාත්මක කෙරෙන කිසිදු ව්යාපෘතියක් ක්රියාවට නොනැංවූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

රටට ලැබෙන ඩොලර් වලින් වැඩි ප්රමාණයක් ගල් අඟුරු හා බොරතෙල් ගෙන්වීමට සේම වාහන ආනයනයට ද වැය කරන නිසා ඉලෙක්ට්රොනික් වාහන ආනයනය කිරීම කෙරෙහි තම අවධානය යොමු වූ බවද ජනාධිපතිවරයා පැවසීය. 

නමුත් ඉලෙක්ට්රොනික් වාහන ක්රියාත්මක කිරීමේදී පවා ගල් අගුරු හා තෙල් යොදාගනිමින් උත්පාදනය කරන විදුලි බලය යොදා ගැනීම හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්රභේද භාවිතා කිරීමට වැඩි අවධානයක් යෙදවිය යුතු බව අවධානය යොමු වුවද විදුලිබල මණ්ඩලය නිලධාරීන්ගෙන් ඒ සඳහා තමා අපේක්ෂා කළ පරිදි සහායක් හිමි නොවූ බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළේය. 

හඳුනාගත් සූර්යය බල මොඩියුල 7000ක් අතරින් 800ක් පිළිබඳව ප්රචාරණය කොට දැන්වීම් පළ කළ ද ආයෝජකයන් ඉදිරිපත් වූයේ එයින් 150 ක් වැනි සුළු ප්රමාණයක් සඳහා පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය. 

පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව ජනතාව නිසි අයුරින් දැනුවත් කිරීමට නිලධාරීන් උනන්දු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කනස්සල්ල පළ කළේය. තමා කිසිඳු විට එකවරම කාබනික ගොවිතැන සදහා යොමු වීම පිණිස බලපෑමක් නොකළ බවද කාබනික ගොවිතැන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී රසායනික පොහොර 70%ක් ලෙසත් කාබනික පොහොර 30%ක් ලෙසත් යොදා වගා කිරීමට කතාබහ කළ නමුත් වසරක් අවසානයේ එහි ප්රගතිය පරීක්ෂා කිරීමේ දී පොහොර වර්ග ද්විත්වයම එකවර යොදා ගනිමින් ඒවා මිශ්ර කොට ගොවිතැන් කිරීමට නිලධාරීන් කටයුතු සලස්වා ඇතැයි හෙළි වූ බව ද ජනාධිපතිවරයා පැවැසීය.

පොහොර මිශ්ර කිරීම තුළින් හිතකර ක්ෂුද්රජීවීන් මිය යන නිසා මෙම ක්රමය සුදුසු නොවන බවද, ක්ෂුද්ර ජීවීන් යොදාගනිමින් ජෛව පොහොර සැකසීම ලෝකයේ අනුගමනය කරන දියුණු ක්රමයක් බවද, ජනාධිපතිවරයා පැවසීය. 

“මේ වැඩේට කෘෂිකර්ම අමාත්යංශය ඇත්තෙන්ම සහාය දුන්නේ නැහැ. මේ කොම්පොස්ට් පොහොර නෙවෙයි හදන්නේ. එයට එහා ගිය දෙයක්. හරිත කර්මාන්තය කියන්නේ මගේ එක අරමුණක්. ඒක අසාර්ථක කරන්න දෙන්න එපා.” යැයිද ජනාධිපතිවරයා මාධ්ය ආයතන ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය. 

මේ අතර පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් චීන පොහොර නැව ගැන කර්තෘවරයෙකු නැගූ ප්රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ එම නැව ගැන්වීමේදී ක්රියාත්මක කළ ක්රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම වැරදි බවත් අදාළ සාම්පල පරීක්ෂා කිරීම නැවත මෙරටට ගෙන්වීමට පෙර නිසියාකාරව කළ යුතු දෙයක් බවත් ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසු මෙලෙස භාණ්ඩ ආපසු හරවා යැවීමට ජාත්යන්තර ගැටලුවකට තුඩුදිය හැකි යැයිද එහිදී අවධාරණය කළේය. 

තමා බලයට පත්වන විට රුපියල් 30 ක්ව පැවති ස්ථාවර මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා රුපියල් 96කට පාරිභෝගිකයාට සහල් මිලදී ගැනීමට ඉඩ සැලසූ බව ද ජනාධිපතිවරයා පැවැසීය. ස්ථාවර මිලටත් වඩා වැඩි මිලකට ගොවිජනතාව වී අලෙවි කරමින් ලාභ ඉපැයූවද වැඩි මිලට සහල් අලෙවි කිරීමෙන් පාරිභෝගික ජනතාව අමාරුවේ වැටෙන බවද ජනාධිපතිවරයා ප්රකාශ කළේය. 

ජනතා හිතවාදී ප්රතිපත්ති ක්රියාත්මක කළද එම ප්රතිපත්ති පිළිබඳව හා ඒවා වෙනුවෙන් කරන කැපකිරීම ජනතාව අතරට ගොස් නැතැයිද ජනාධිපතිවරයා හෙළි කළේය. 

එම ප්රතිපත්ති පිළිබඳව ඇමතිවරු හා නිලධාරීන් විවිධ තර්ක ගොඩනගමින් සිටිනවා විනා ඒවා පිළිබඳව නිසි ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා චෝදනා කළේය. එතනෝල් ආනයනය සීමා කොට ගම්මිරිස් බුලත්, තේ, රබර්, පොල් ආදියෙන් විශාල ආදායම් ලැබුණද, සීනි නිෂ්පාදනයෙන් ආදායම් ලැබුවද, විදේශීය ටයිල් ආනයනය සීමා කොට දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැංවීම සිදු කළද ඒ පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමු නොකරන බවද අමාත්යවරුන් පවා ඒ පිළිබඳව ඇගයීමක් පවා සිදු නොකරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙන්න බලන්න තවත් ගොසිප්