Nov
28

මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට

 
5988 Views
   
 

මහනුවර ගුරුදෙණිය මාර්ගයේ ගමන් ගනිමින් තිබියදී ඉළුක්මෝදර ප්රදේශයේදී ඊයේ (27) රාත්රි 11.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිට අතුරුදන් වූ බව කියන පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලීසිය අ⁣ද (28) පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කළේය.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40 ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු අද (28) දහවල් ගොඩගනු ලැබීය.

අතුරුදන් වූ බව කියන පුද්ගලයා මෝටර් රථයේ සිරිවී සිටිනු ඇතැයි සැක කළ නමුත් ඔහු එහි නොසිටීම නිසා නාවික හමුදා කිමිදුම් කරුවෝ පැමිණ මහවැලි ගඟේ අදාළ ප්රදේශය නිරීක්ෂණය කිරිමට පියවර ගත්හ. මෝටර් රථයේ රියදුරු සහ තවත් අයෙකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් රියදුරු සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. 

මෝටර් රථයේ ගමන් ගත් පිරිස කුණ්ඩසාලේ ප්රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන බව පොලීස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. අතුරුදන්ව ඇත්තේ අමිල ඒකනායක නැමැති අයෙකු බවට හඳුනා ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගෙන ඇත. 

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්රදේශයේ තිබී සොයා ගත් මෝටර් රථයේ දොරවල හතරම වැසී තිබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයාට කුමක් සිදු වූවේද යන්න ප්රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.

Update – මෝටර් රථය සමග අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර ද සොයාගත් බව පොලිසිය පැවසුවා. මෙලෙස මියගොස් ඇත්තේ මෝටර් රථය පසුපස ගමන් කළ ගුරුදෙනිය මාලිගාතැන්න ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්