Nov
5

“මට තාම පෙම්වතෙක්වත් නෑ” – නයනතාරා

 
1519 Views
   
 

කලා ලෝකයට පිවිසෙන ඇතැමෙක් කෙටි කාලයකින් ක්ෂේත්රයේ ඉදිරියට යති. ඇතැමෙකු එනවාටත් වඩා ඉක්මනටම ක්ෂේත්රයෙන් සමුගනී. මා කී පළමුවැනි කරුණ ඇයට උචිතය. ඇය ක්ෂේත්රයට පැමිණෙන්නේ පාසල් යන කාලයේ සිටය. ක්ෂේත්රයට පැමිණ වසර දෙකක් ඇතුළත ඇය ලංකාවේ ජනප්රියම ටෙලිනාට්ය නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ඈ පැමිණි ගමන් මඟට වසර හයක් වැනි කාලයක් වුවත් ස්ලිම් නීල්සන්, රයිගම්, සුමති ආදී වශයෙන් සම්මාන දහයකට වැඩි සංඛ්යාවකට ඇය හිමිකම් කියයි. ලංකාවේ ජනප්රියම ටෙලිනාට්යය වූ දෙවැනි ඉනිමෙහි දෙව්මි ලෙසින් ප්රේක්ෂක ආදරය දිනාගත් ඈ පසුගිය සඳුදා සිට සිය සිරස නාළිකාවේ විකාශය වන නවතම ටෙලි නිර්මාණය පියාඹන මූනිස්සම් තුළින් චරිත ද්ත්වයකින්ම ප්රේක්ෂක ඔබ හමුවට එයි. ඇගේ අලුත් නිර්මාණය ගැන වගේම ඇය ගැනත් සරසවිය අප හා ඇගේ හඬ අවදි කළේ මෙලෙසින්.

නයනතාරා, ඔබේ නවතම ටෙලි නිර්මාණය පියාඹන මූනිස්සම් ගැන මුලින්ම කතා කරමු?

සිරස නාළිකාවේ රාත්රි 9.30 විකාශය වෙනවා. මෙය දිවිත්ව චරිතයක්. මාව මේ නිර්මාණය සඳහා සම්බන්ධ කරගත් අනුරුද්ධ ජයසිංහට හා පිටපත් රචකයාට හා නාළිකාවටත් මා ස්තූතිවන්ත වෙනවා. ඔබ අනුරුද්ධ ජයසිංහ සමඟ වැඩ කරන ප්රථම අවස්ථාව මෙය නොවෙයි.

මේ අත්දැකීම ගැන කතා කළොත්?

සම්මානනීය ප්රවීණ අධ්යක්ෂවරයෙක් ඔහු. ඒත් කිසිදු වෙලාවක වැඩ කිරීමේදී පීඩනයක් වන විදිහට ඔහු කටයුතු කරන්නේ නෑ. අපි සියලු දෙනාටම නිදහසේ වැඩ කිරීමට හැකි පරිසරය ඔහු නිර්මාණය කරලා දෙනවා. චරිතය නිරූපණයේදී වුවත් චරිතය තුළින් මතුවිය යුතු දේ ඔහු පැහැදිළි කර දෙනවා. හරිම පහසුයි ඔහු සමඟ වැඩ කිරීම.

01.

පියාඹන මූනිස්සම් හි ඔබට චරිත ද්විත්වයක් රඟපාන්න වෙනවා. කොහොමද ඒ අද්දැකීම?

මුලින්ම මට පිටපත ලැබුණම මම සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒ චරිත තුළ වගේම කතාව තුළත් වෙනසක් මම දුටුවා. පසුව මම ඒ ගැන අධ්යක්ෂවරයා හා පිටපත් රචක දෙදෙනා සමඟම කතා කළා. නිත්යා හා මාලි කියන චරිත දෙක තුළ තියෙන වෙනස හා බැරෑරුම්කම නම් වෙනත් ද්විත්ව චරිතයක් ගෙන බැලුවොත් ඒ චරිත දෙක වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ලොකු වෙනස්කම් තියෙනවා. මෙහි එහෙම නැති වුණත් සියුම් තැන් ස්පර්ශයෙන් තමයි ඒ වෙනස්කම හඳුනාගත හැකි වෙන්නේ. මට හැමෝගෙම සහයෝගය අඩුවක් නැතුව ලැබුණා.

මේ චරිත ද්විත්වය ප්රේක්ෂකයන් කොහොමද වැලඳගෙන තියෙන්නේ? ලැබෙන ප්රතිචාර කොහොමද?

නිත්යයාට හොඳ ප්රතිචාර තියෙනවා. පියාඹන මූණිස්සම් විකාශය ආරම්භ වී තවමත් එතරම් කාලයක් ගෙවී නැති නිසා බොහෝ දෙනෙකුට කුතුහලයක් තියෙනවා නිත්යාමද මලි කියන්නේ කියලා. ඒ කුතුහලය තියාගෙනම පියාඹන මූණිස්සම් හා එක්වෙන්න කියලා මම ආදරෙන් හැමෝටම ආරාධනා කරනවා.

02.

ඔබ සමඟ හරි හරියට රඟපාන ධනුක දිල්ෂාන් ගැනත් ඔබට යමක් ඇති කියන්න?

ඇත්තටම ධනුක අයියා සමඟ රඟපාන පළමු අවස්ථාව මෙය නොවේ. එරන්ලන්දු ටෙලි නාට්යයෙත් මම ඔහු සමඟ වැඩ කළා. අපි කිසිම වෙලාවක පිටපතටම කොටු වෙන්නේ නැ. හැම වෙලාවෙම හරිම නිදහසේ වැඩ කරනවා. පෙර පුහුණුවීම් කරනවා. ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ හැමෝගෙන්ම ඉගෙන ගන්න දේ බොහොමයි. මම කැමති ජීවිත කාලෙම ශිෂ්යාවක් වෙන්න.

ඔබ ඉතා ළා බාල වයසකදියී ක්ෂේත්රයට පිවිසෙන්නේ?

ඔව් මට වයස අවුරුදු දා හතේදීයී මම ක්ෂේත්රයට පිවිසෙන්නේ. මගේ මුල්ම නිර්මාණය වෙන්නේ ජනප්රිය අධ්යක්ෂ ජයප්රකාෂ් ශිවගුරුනාදන්ගේ හංස පිහාටු ටෙලිනාට්යය. ක්ෂේත්රයට මාව හඳුන්වලා දෙන්නේ වේශනිරූපණ ශිල්පී විෂ්වනාත් විජේසූරිය හා චාමර සමරවික්රම. ඒ දෙදෙනාට මම ස්තූතියි කියන්න ඕන. ඔවුන් නිසයි මම ජයප්රකාෂ් ශිවගුරුනාදන් හඳුනා ගන්නේ.

03.

ඔබට අතිශය ජනප්රියත්වයක් ලැබුණු දෙවැනි ඉනිම හා සම්බන්ධ වෙන්නේ කොහොමද?

මගේ මිතුරෙක් වන ප්රභාත් චතුරංග අයියා තමයි මාව දෙවැනි ඉනිමට සම්බන්ධ කරවන්නේ. ඒ වන විට දෙවැනි ඉනිමේ කාස්ට් එක තෝරගෙන තිබුණත් දෙව්මිගේ චරිතයට කෙනෙක් තෝරගෙන තිබුණේ නෑ. ඒත් මම ඒ වන විට වෙනත් නිර්මාණයක් භාරගෙන සිටියේ. ඇත්තටම ප්රභාත් අයියගේ පෙරැත්ත කිරීම නිසාම මම ගිහින් කතා කරලා ආවා. පසුව මට කෝල් එකක් ආවා දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතයට මාව තෝරගෙන තියෙනවා කියලා. මේ තරම් ආදරයෙන් ප්රේක්ෂකයෝ එය වැලඳගනියි කියලා හිතුවේ නෑ. දැන් මතක් වෙද්දි ගොඩක් සතුටුයි.

මුලින්ම කැමරාව ඉදිරියට යනවිට මොකද හිතුණේ?

ඒ වෙද්දි මම ඉස්කෝලේ යනවා. මේ වෙලාවෙදි මම මතක් කරනවා මම ඉගෙනගත් පාසල්වල විදුහල්පතිවරු වගේම ගුරුවරු. අධ්යාපන කටයුතුවලටත් හානියක් නොවී රංගන කටයුතු කරගන්න ඔවුන් මට ලොකු ශක්තියක් වුණා. මට මුලින්ම ලැබුණේ ගීතා කාන්ති ජයකොඩි, අනෝමා කුමුදුනි, උද්දික ප්රේමරත්න වගේ ප්රවීණයින් සමඟ රංගනයේ යෙදෙන්න. මුලින්ම ලොකු තැති ගැනීමක් තිබුණත් ඒ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. මව උදව් කළා. මම දන්නැති දේ ඉගෙන ගත්තා. ඔවුන් දිහා බලාගෙන හැදුණා. මාවත් ආදරෙන් එකතු කරගත්තා. ඒ නිසාම මට හොඳීන් වැඩ කටයුතු කරන්න හැකි වුණා.

04.

පොඩි කාලේ හිතුවද මම නිළියක් වෙනවා කියලා?

මගේ කැමැත්ත තිබුණේ නීතිඥවරියක් වෙන්න. ඒත් මං කලාවට දන්න තේරෙන කාලයේ සිටම ආසයි. එය මට පවුලෙන් ලැබුණ දෙයක් නොවේ. පොඩි කාලේ ඉදලම අම්මගේ සාරි ඇදගෙන හින්දි සිංදුවලට නටනවා. තනියම රඟපානවා. රංගනයට මං ආදරෙයි.

රඟපාන්න ඇවිත් වසර දෙකක් වගේ කාලයක් ඇතුළත ඔබ ලංකාවේ ජනප්රියම නිළිය බවට පිට පිට පත් වෙනවා. මොකද හිතෙන්නෙ?

එච්චර ඉක්මනට එහෙම වෙයි කියලා මමත් හිතුවේ නෑ. මම බලාපොරොත්තු නොවුණ විදිහට ඒ දේ ලැබුණේ. ඒ වෙනුවෙන් මම දෙරණට ස්තූතිවන්ත වෙනවා. ඒ ජනප්රියත්වය මට ලැබෙන්නේ දෙව්මිගේ චරිතය හරහා. දෙව්මිගේ චරිතයයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය. දෙව්මි නිසා තමයි මට ලැබුණු හැම දේම ලැබුණේ. ඒ නිසා දෙව්මිට මම හරිම ආදරෙයි.

05.

නයනතාරා වෘත්තීය විදිහට රංඟනය තෝරගෙන අවසන්ද?

මම අධ්යාපනය හදාරන්නේ ව්යාපාර කළමණාකරණය සම්බන්ධයෙන්. රංගනය වෘත්තීය කියනවට වඩා මම ආස ආදරේ කරන දෙයක් විදිහට හඳුන්වන්න මම කැමතියි. අනාගතයේදී වෘත්තීය විදිහට රඟපාන්න අදහසක් නෑ. ඒත් මම ආස කරන මට ගැළපෙන චරිත ලැබුණොත් මම කරනවා. කොහොම වුණත් මම ඉගෙනගන්න දෙයින් අනාගතේ දෙයක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.

දෙරණ සමඟ සම්බන්ධ වී වැඩ කිරීමෙදී අනෙක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න නොහැකියි කියන්නේ ඇත්තද?

එහෙම කිසිම ප්රශ්නයක් නෑ. ඇත්තටම මට ඒ ගැන කියන්නම ඕන. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා දෙරණත් එක්ක එකඟතාවයකට ඇවිත් නිසා අනෙක් නිර්මාණවලට යන්නේ නෑ. මට යන්න දෙන්නේ නෑ. යන්න බෑ කියලා. එහෙම කිසිම දෙයක් නෑ. ඇත්තටම දෙවැනි ඉනිම කියන්නේ දීර්ඝ නාට්යයක් නිසා එයත් සමඟ තවත් දීර්ඝ නිර්මාණයට සම්බන්ධ වීමෙදි මගේ අධ්යාපන කටයුතුවලට ඒක ලොකු බාධාවක් වන නිසයි මම නිර්මාණ භාර ගන්නේ නැත්තේ. නමුත් කොටස් 100කින් වගේ ඉවර වන මට ගැළපෙන චරිත ඇති නිර්මාණ ලැබුණොත් මා ඒවා ප්රතික්ෂේප කරන්නේ නෑ.

06.

ඔබට ලැබුණ හොඳම ප්රේක්ෂකය ප්රතිචාරය මොකද්ද?

මං ක්ෂේත්රයට ආ දා සිට මට ආදරේ කරන මගේ රසිකයෙක් මට එක් වරකදි කියනවා ඔබේ නිර්මාණ තුළින් අපි තාම නයනතාරාව දුටුවේ නෑ කියලා. එය මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා.

ඔබට ගොසිප්වලින් නම් අඩුවක් නෑ නේද?

ඔව් ඔව්. (සිනාසෙමින්) මට හැදුණ ලොකුම ගොසිප් එක අවන්තව මම මැරි කරන්න ඉන්නවා කියලා. මට තාම පෙම්වතෙක්වත් නෑ. නයනතාරා, ඔබටත් කොවිඩ් වැලඳුනානේ.

පවතින වසංගත තත්ත්වය එක්ක ගෙදරින් බලපෑමක් නැද්ද රංගන කටයුතුවල නියැළෙනවට? 

තාත්තා නම් මම රඟපානවට ඒ දවස්වල ඉදලම අකැමැත්තක් තිබුණා. දැන් නම් එහෙම නෑ. ඒත් මේ වනවිට යම්තාක් දුරකට තත්ත්වය සමනය වෙලා නිසාත් බොහෝ කාලයක් රංගන කටයුතුවල නොනියැළුැණ නිසාත් ලොකු බලපෑමක් නෑ. මේ ලෙඩේ තියෙන භයානක කම එය හැදුනමයි තේරෙන්නේ. මෙය දැන් මානසික ගැටලුවක් වෙලා. එළියට නොයාම ඉන්න පුළුවන්. එවිට එදිනෙදා අප කළ කී දේ කරන්න බැරි වුණාම ආර්ථික ප්රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. පහුගිය කාලෙම මම නිවෙසට වෙලා සිටිය නිසා දැන් මට වැඩියෙන් වැඩ කරන්න වෙලා. කොහොම වුණත් මං මගේ ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා පුළුවන් තරම් පරිස්සමින් වැඩ කටයුතු කරන්න කියලා.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

 

සරසවිය – තිළිණි රාජපතිරණ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්