Apr
18

නිල්මිණි තෙන්නකෝනුත් අවසානයේ අරගලයට එකතු වුණා ද ? ඇය තැබූ සටහන මෙන්න

 
914 Views
   
Did-Nilmini-Tennakoon-finally-join-the-struggle-Here-is-the-note-she-left  

නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. රිදී තිරයේ පවා ඇය නිරූපණය කළ බොහෝ චරිත ඇගයීමට ලක්වුණු බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොම වුණත්, මේ වන විට පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලය තුළ නම් ඇය දකින්න ලැබුණේ නැහැ.

 මේ තියෙන්නෙ ඇය ඇගේ මුහුණු පොතට එක් කළ සටහනක්.

2021 ඔක්තෝම්බර් මස මා විසින් හරි ටීවී එකට කළ ප්‍රකාශයක් සහ දැන් රටේ පවතින තත්වය සමග මෙවන්නක් ලියන්න සිතුවා  මෙය කියවන මෙන් කරුණාවෙන් ඉල්ලමි “දේශපාලනඥයො ඔක්කොම එකට එකතු වෙලා මේ රට බේරලා දුන්නොත්” මගේ ප්‍රතිපත්ති වූයේ 6.9 මිලියනයෙ ප්‍රතිපත්තියයි ඒ තමයි මේ රටට හොඳ නායකයෙක්, මට පුද්ගලයෙක්, වැඩක් නෑ ජාතික ප්‍රතිපත්තියක් හදලා රට තුළ නිෂ්පාදනය වැඩි කරලා රට දියුණු කරන්න පුළුවන් නායකයෙක් හැමෝගෙම බලාපොරොත්තු වුණේ එයයි මා ද කලාකාරියක් හැටියට පෙනී සිටියේ එවැන්නක් බලාපොරොත්තු හිතේ තබාගෙන නමුත් කිසිම ලාභ ප්‍රයෝජනයකට තනතුරකට වත් ජීවිතේ කවදාවත් මගේ ආත්මය පාවා දෙන්නේ නැහැ මං කලාකාරියක් වූයේය මගේ  හැකියාවකැප කිරීම මත මගේ රටේ ජනතාව මට ආදරේ කරා සදා කල් මැරෙන තුරා මහමෙරක් සේ මට වටී අනුන්ගෙන් යැපෙන්නේ නැතිව මගේ ජීවිතය තනිව ගොඩනගාගෙන මගේ දියණියගේ අනාගතය ලස්සන කරන්න තනිවම මා මේ යන ගමන උඩ ඉන්න දෙයියො පමණයි දන්නේ රටේ ජනතාව එක්කෙනෙක් මම මා කලාකාරියක් උනාට මට අයිතියක් තියෙනවා මා කැමති පක්ෂයක් තෝරාගන්න නමුත් මගේ ප්‍රතිපත්තිය මා කුඩා කල සිට දැක්ක කටුක ජීවිතේ නිසා මම හැමදාම කිව්වේ පක්ෂ පාට භේදයක් නැතුව සියලු දෙනා එකට එකතු වෙලා මේ රට බේරගන්න 60 නම ලක්ෂයක් ම බලාපොරොත්තු උන දේ ම තමයි මගේ පැතුම වූයේ නමුත් නොසිතු විදිහට රටේ ජනතාව සුපුරුදු පරිදි දුක් විඳිනවා ඒ ජනතාව අතර මාත් ඉන්නවා පෙට්‍රල් පෝලිම භූමි තෙල් පෝලිම ගෑස් පෝලිම විදුලිය නැති වීම මේ සියලු අර්බුද මටත් දැනෙනවා කාන්තාවන් භූමිතෙල් පෝලිමේ හැතැම්ම ගානක්  හිටගෙන ඉන්නවා  පපුවට මොන තරම් දුකක් දැනෙනවද මේ දුක මේ රටේ අපි විශ්වාසය තියලා පත්කරගත් නායකයා සතු වගකීම රටේ පාලකයෝ මැති ඇමතිවරු පත්වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් නමුත් මැති ඇමතිවරු සියලු දෙනාම හැම පක්ෂයකම ඒගොල්ලන්ගෙ ජීවිත සාර්ථකකරගන්න සැප විඳින්න තමන්ගෙ බිරිඳට අමතරව තව තව අයගේ සුඛ විහරණය සඳහා රටේ ධනය නාස්ති කරමින් මෙලෝ රහක් නැතුව වැඩ කරන බොරුවෙන් ජීවත් වෙන 225ක් ජනතාව රවට්ටමින් අවංකවම සේවය කරන කෙනෙකුත් සිටියත් අර ජරා ගොඩටම  වැටෙන බව අමතක කරන්න එපා කලාකරුවෙක් කියන්නේ මේ රටේ ඉහළ ම කොටසක් අපි රඟපාල ගන්න මුදල මැති ඇමතිවරුන්ගෙ මාසේ පඩියට වැඩිය ලොකු ගානක් ඒත් ගොඩක් කලාකරුවන්ට තමන්ට කියලා ඉන්න  තැනක් වත් නෑ නමුත් මහජනතාවගේ ඡන්දෙන් පත්වෙලා එන සමහර මැති ඇමතිවරුන් මේ වගේ වගේ සුපිරි ජීවිත ගෙවන්නේ කොහොමද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔය කිසි කෙනෙක් ඉෂ්ට කරල තියෙනවද ගම් මට්ටමින් ජනතාව දියුණු කරල මුළු රටේ එම නිෂ්පාදන වැඩි කරල දියුණු කරල තියෙනවද සෑම දේම පිටරටින් එනකං ඒවායේ කොමිස් ගහන්න බලාගෙන මේ රටේ  තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්නැතුව කම්මැලි ජාතියක් බවට පත්කළේ සියලුම නායකයෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ වෙනස කරන්න උත්සාහ කරා වටේ ඉන්න සියලු හොරු අපේ දරුවන්ගෙ අනාගතයේ කෑවා ඩොලර් මිලියන 36 ණය මේ වගේ උතුම් රට අහිංසක ජනතාව වෙනුවෙන් වගකියන්නේ කවුද මගේ හැමදාම පරමාර්ථය වූයේ මේ රට ගොඩගන්න පුළුවන් හොඳ නායකයෙක් මුලු මහත් ජනතාවක් ම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඒ සියල්ල බොඳ වුණා පාට පක්ෂ පැත්තකට තියලා හොඳ නායකයෙක් මා ද පුරවැසියෙක් හැටියට බලාපොරොත්තු වුණා ජනාධිපති තුමනි ඔබ බාර ගත්ත රට ප්‍රශ්න ගොඩක් මැද්දේ ඇත්ත නමුත් ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු වුනේ නැත ඔබතුමන් කෙලින් තීරණයක් ගන්න රටේ ජනතාව වෙනුවෙන් පාට පක්ෂ පැත්තකට තියලා අවංකව අරගල කරන ජනතාව රට වෙනුවෙන් මොනාද ඉල්ලන්නේ කියන එකයි සාධාරණව බලන්න ජනාධිපතිවරයා හැටියට ඔබේ වගකීම ඉටුකරන්න ජාතිය අමතන්න ඔබතුමන්ට දැනෙන්න ඔබේ හැඟීම රටට කියන්න කිසි කෙනෙක් ලියලා දෙන දෙයක් කියවන්න එපා එයට ඔබ අමාරුවේ වැටෙයි හතර වටේ ඉන්න කිසිම කෙනෙක් අවංක නැත මේ සියල්ල ලියන්න හිතුවේ ඔබතුමන් ජනාධිපතිවරයා හැටියට පත්කරගන්න යන්න වචනෙකින් හරි මා ද ප්‍රකාශ කරපු නිසා මගේ ද බලාපොරොත්තු වුණේ අපේ අපේ රටේ උගත් හොද vision එකක් තියෙන හොඳ අය එකතු කරගෙන තරුණ පරපුර ඔබතුමා වෙනුවෙන් වීදී ගානේ චිත්‍ර ඇඳපු තරුණ කැල මිසක දේශපාලනය කරපු පලියට කලාකරුවන් ට තනතුරු දෙන්නෙ නැතිව රටක ආර්ථිකයේ ගොඩනඟන්න පුළුවන් පිරිස එක් රැස් කරගෙන  ලෝකෙටම ආදර්ශයක් වන තැනකට ඔසවලා තියෙයි කියලා ඒ සියල්ල අසාර්ථක වුණ නිසා සියලු ජනතාව අවංකවම පෙළ ගැහුනා රට ඇතුලේ වෙන මේ වැරදි මා දුටුවා ගිය අවුරුද්දේ ඉඳලා මේ අසාධාරණය වෙනුවෙන් මා පෙනී සිටියා ජනාධිපතිතුමා සහ සියලු මැති ඇමතිවරුන් ජනතාවගේ ඇස් වලින් එන කඳුළු වෙනුවට හිනාවක් දෙන්න එතකොට ඔබලාට යන තැනකට හොඳින් යන්න පුළුවන් වෙයි නැතිනම් අපායේ දොර ඇරලා තියෙයි තමන්ගේ මව්බිමේ දේපල සොරකම් කරන්නේ සාංඝික දානයක් සොරකම් කරා වැන්නය සියලු දෙනාට බුදු සරණයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්