Sep
22

අපි දන්න විදියට ලෝකෙ ගොඩක් රටවල් ළ මයින්ට එන්නත ලබාදීම කෙසේ වෙතත් අනිත් වයස් කාණ්ඩ වලටවත් තවම එන්නත ලබා දීල නෑ

 
430 Views
   
 

මන්දගාමීව පටන් ගත්ත අපේ රටේ එන්නත්කරණය අපේ හ මු දා වෙ මැදිහත් වීමත් එක්ක කවුරුත් නො හිතපු විදියට වගේම නො හිතපු වේගයකින් අපේ රටේ ඉදිරියටම ගිය විදිය අපි හොදටම අත් වින්ද. දැනටමත් අපේ රටේ වර්තමාන ජනගහනයෙන් 52% එන්නත විදල ඉවරයි. හ මු දා ව පටන් ගත්ත පැය 24 එන්නත්කරණ වැඩසටහන දැන් සමහර රෝහලුත් පටන් අරගෙන. එන්නත ගැන අපිට හැම පැත්තෙන්ම ඇහෙන්නෙ සුබදායක දේවල්. මේ දේවල් මේ විදියට සුබදායීව ඉදිරියටම යනකොට අපිට ලැබිල තියනව තවත් සුබදායක පණිවුඩයක්. ඒ තමා එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආ බා ධ සහිත සහ නිදන්ගත රෝ ගවලින් පෙළෙන ළ මුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට කරල තියන සැලසුම. ඇත්තටම අපේ රටේ වටිනාම සම්පත වන ල මයින් වෙනුවෙන් ගත්ත විශිෂ්ට තීරණයක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනව රිජ්වේ ආර්යා ළ මා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බව.

අපිට හිතෙනව අපි ඉක්මනින්ම එන්නත්කරණයට අදාල ඉලක්ක වෙත ලගා වෙයි කියන කරුණ. මේ එන්නත විදගන්න ල මයින්ට තනියම බෑ කියලත් අපි දන්නව. මේකෙදි දෙමාපියන් හැටියට ල මුන්ව එන්නත සදහා යොමු කිරීමට විශාල වගකීමක් තියෙනව කියන කාරණේ අමතක නො කල යුත්තක්. සමහර ගොඩ වෙද්දු එක එක දේවල් කියනව. කවුරු මොනව කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ කොරෝනා වසංගතයට දැනට තියන සාර්ථකම විසදුම එන්නත්කරණය කියන කාරණාව. අපි දන්න විදියට ලෝකෙ ගොඩක් රටවල් ල මයින්ට එන්නත ලබාදීම කෙසේ වෙතත් අනිත් වයස් කාණ්ඩ වලටවත් තවම එන්නට ලබා දීල නෑ. ඒ අතින් අපේ රටේ මේ වෙන දේවල් බලල අපි කාටත් සතුටු වෙන්නට පුළුවන්. අපි දෙමාපියන්ට ආයාචනා කරනව ඔබගේ ද රු ව ත් දැනට කරගෙන යන එන්නත්කරණ ක්‍රියාවලියට යොමු කරල හැකි ඉක්මණින් කොරෝනා වසංගතය අපේ රටින් තුරන් කිරීමේ පුණ්‍ය කර්මයට දායක වන ලෙස.(උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්