Oct
19

රට පනිමු ද ?

 
568 Views
   
 

කොරෝනා වසංගතයේ වැඩිම බලපෑමට තවමත් ලක්ව ඇති ලොව පළමු බලවතා වන අමෙරිකාවේ මිලියන ගණන් ජනයා ආර්ථිකය සහ සමාජමය බලපෑම්වලින් පෙළෙමින් ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ජෝ බයිඩින් විසින් ඇ.‍ෙඩාලර් ට්‍රිලියන 1.ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළේ මේ වසරේ මුල් කාලයේදීය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එයට අනුමැතිය ලබා දීම පෙබරවාරි 27 වැනිදා සිදු විය. කෙසේ වුව ද, ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ අමෙරිකාවේ මිලියන ගණන් ජනයා වළක්වාගත හැකි දරිද්‍රතාවයෙන්, කුසගින්නෙන් පෙළෙමින් ඇති බවය.

වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසුව මේ දක්වා අමෙරිකානුවන් මිලියන 75කට පමණ රැකියා අහිමි වී තිබේ. කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍රවල රැකියා කරන බොහෝ දෙනකුට ලැබෙන්නේ අඩු වැටුපකි. ඔවුන්ට රැකියාව තිබුණ ද මේ වන විට ආදායම බෙහෙවින් පහත වැටී ඇත. ඉකුත් ජනවාරි මාසය වනවි ට වැඩිහිටියන්ගෙන් මිලියන 24ක් කුසගින්නෙන් පීඩා විඳිමින් ඇතැයි වාර්තා විය. මිලියන 6ක් පමණ දෙනා නිවාස සඳහා කුලී ආදී මුදල් ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි බියට පත්ව සිටියහ. එවැනි තත්ත්වයක් තිබුණ ද අමෙරිකාවේ බිලියනපතියන් 651කගේ සමස්ත ධන සම්භාරය වසංගතය ඇරැඹීමෙන් පසුව ඇ.ඩො ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා විය. ඉන් පෙනෙන්නේ ආදායම් විෂමතාවයේ තරමය. රැකියා අහිමි වීම, ආහාර අහේනිය, ගෙවල් කුලී ආදී ආර්ථික ප්‍රශ්නවලින් පෙළෙමින් ඇති මිලියන සංඛ්‍යාත මිනිසුන් අතර මානසික සෞඛ්‍යමය බලපෑම් ද වාර්තා වන්නට විය. මෙවැනි සමාජ කොටස් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද පවතී.

ලෝක බැංකුව පසුගියදා වාර්තා කළ පරිදි කොවිඩ්-19 බලපෑම් හේතුවෙන් මේ වර්ෂය වන විට ලොව පුරා තවත් මිලියන 150ක් අන්ත දිළින්දන්ගේ ගොඩට එකතු වනු ඇත. ගෝලීය අන්ත දරිද්‍රතාව පහත වැටෙමින් තිබුණ ද ඉකුත් වර්ෂයේදී එය වසර 20කින් මෙපිට පළමු වතාවට ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඊට හේතුව වසංගතය බව පැහැදිලි කාරණයකි. යුද ගැටුම්, දේශගුණික විපර්යාස ආදී කාරණා කොහොමටත් දරිද්‍රතාව පිළිබඳ ගැටලුවේ හේතූන් ලෙස හඳුනාගෙන ඇත. පසුගියදා නිකුත් කළ වාර්තාවක් මඟින් ලෝක බැංකුව ප්‍රකාශයට පත් කළේ, මෙලෙස ලොව රටවලින් වාර්තා වන අලුත් දිළින්දන් දැනටමත් විශාල සංඛ්‍යාවක් බවය. මැදි ආදායම් රටවල මේ තත්ත්වය වඩාත් අභියෝගාත්මකය. මෙලෙස අලුතෙන් වාර්තා වන දිළින්දන් වැඩි වශයෙන් සිටින්නේ ද එම රටවලය.

වසංගතයට පෙර ද අන්ත දරිද්‍රතාවය සහ දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධයෙන් ලෝකය අනුගමනය කළ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් පෙරට ගියේ නැත. එය මන්දගාමී ස්වභාවයකින් යුතු නොවිණි නම් වසංගතයත් සමඟ මේ තරම්ම බරපතළ තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබිණි. එහෙත්, සිදු වූයේ එම මන්දගාමී වැඩපිළිවෙළ වසංගතයේ බලපෑම් හේතුවෙන් බෙහෙවින් අකර්මන්‍ය වීමය. ගෝලීය වශයෙන් දරිද්‍රතාවයේ රේඛාව ඩොලර් 1.90 ලෙස සලකා ගණනය කළ ද සාමාන්‍යයෙන් පහළ මැදි ආදායම් හා ඉහළ මැදි ආදායම් ලබන රටවල පිළිවෙළින් එය ඩොලර් 3.20 සහ ඩොලර් 5.50 ලෙස සැලකේ. ලෝක ජනගහනයෙන් 1/10කගේ දෛනික ආදායම ඩොලර් 1.9ට වඩා අඩු මට්ටමක පවතින අතර, 1/4ක් සිටින්නේ ඩොලර් 3.20ට වඩා අඩු ආදායම් මට්ටමකය. ලෝක ජනගහනයෙන් 40%ක්ම ඩොලර් 5.50 රේඛාවට පහළින් සිටී.

විශේෂයෙන් වසංගතයේ බලපෑම් ලෝකයේ අතිශයින්ම දිළිඳු යැයි හඳුනා ගන්නා 40%ක් පමණ වන ජනගහනය සම්බන්ධයෙන් අතිශය පීඩාකාරී වී තිබේ. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි, මෙවැනි පසුබිමක සාමුහික ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාව වඩාත් දැනෙමින් ඇත. එසේම වසංගතයට පෙර පැවැති තත්ත්වය වන විට ලෝකය අත්කරගෙන තිබු ප්‍රගතිය නොතකා හැරිය යුතුයැයි අදහස් කෙරෙන්නේ ද නැත. මෙතැන් සිට වැඩි වේගයකින් පෙරට යාමට ලෝකයට සිදු වී තිබේ.

වසංගතය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට ද විශාල බලපෑමක් ඇති වූ බව ලෝක බැංකුව පෙන්වා දී ඇත. වසංගතයට පෙර ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩු මට්ටමක වාර්තා විය. වසංගතයත් සමඟ රැකියා සහ ජනතාවගේ ආදායම් සම්බන්ධයෙන් ඇති වී ඇති බලපෑම් කෙරෙහි අවධානය යොමුව තිබේ. වසංගතයට මුහුණ දීමේදී රජය ජනතාව වෙනුවෙන් විවිධ සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීය. රැකියා සුරක්ෂිතතාව, සේවා නියුක්තිකයන් වෙනුවෙන් විවිධ සමාජ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආදී කාරණා කෙරෙහි තවදුරටත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්