Jul
19

දරුවෝ දෙන්නෙක් ඉන්න ගණිකාවකට හිත ගිය 18 හැවිරිදි සිසුවාගේ සංවේදී කතාව මෙන්න

 
3359 Views
   
 

මාලන් අධ්‍යාපනය ලැබුවේ අගනුවර ප‍්‍රධාන පෙළේ පාසලක. උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටින්න සූදානමින් හිටිය නිසා මාලන් බොහොම වෙහෙස වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.

මාලන්ගේ තාත්තා කෝටිපති ව්‍යාපාරිකයෙක්. තාත්තාට ඕනේ තරම් සල්ලි තිබුණා වියදම් කරන්න. ගෙදර යාන වාහන පිරිලා. මාලන්ට ඕන ඕන හැම දෙයක්ම එයාගේ තාත්තා අරගෙන දුන්නා.

කොරෝනා ප‍්‍රශ්නය නිසා පාසල් අධ්‍යාපනය එහෙම පිටින්ම අවසන් වෙලා ගිහින් තිබුණා. ඉතින් මාලනුත් අනිත් ළමයි වගේ අධ්‍යාපන කටයුතු කළේ අන්තර් ජාලය ඔස්සෙයි. උදේ ඉඳලා රැ වෙනකල්ම මාලන් හිටියේ අන්තර්ජාලයේ සැරිසරමිනුයි.

මුල් දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහොම ඕනේකමින් අධ්‍යාපන කටයුතු කළත් පහුවෙද්දී මාලන්ට මේ වැඬේ නීරස වුණා. අධ්‍යාපන වැඩ කරනවට වැඩිය අන්තර් ජාලය ඔස්සේ වෙන බාහිර දේවල් ගැන සොයන්න බලන්න මාලන් උනන්දු වුණා. මාලන්ගේ පන්තියේ යාළුවොත් ඒ විදිහටම මේ දේවල්වලට ඇබ්බැහි වෙලා හිටියා.

මචං අලූත්ම වෙබ් සයිඞ් එකක් හම්බ වුණා. ඒකේ මාර කෑලි ටිකක් ඉන්නවා. අපිට කන්ටැක් කරගන්න එකත් ලේසියි. මාලන්ගේ යාළුවෝ දුරකථනයෙන් වැඩිපුරම කතා කළෙත් මේ අධ්‍යාපන වැඩ ගැන නෙමෙයි.

එක එක කුණුහරුප ගැනයි. ගණිකාවන් සැරිසරන වෙබ්අඩවි ගැනයි. අන්තර්ජාලයේ දැන්වීම් පළකරපු රූමත් තරුණියෝ කීප දෙනෙක් එක්කම මාලන් ඒ වෙනකොට සම්බන්ධතා ගොඩනඟාගෙන හිටියේ.

මාලන්ගේ වැඩිහිටියොත් මේ දේවල් ගැන හාන්කාවිසියක් දැනගෙන හිටියේ නැහැ… මුදලට තම ශරීරය අලෙවිකරන රූමත් තරුණියෝ මාලන්ගේ මනස විකෘති කරලා තිබුණා.

මාලන්ගේ වැඩිපුරම හිතගත්ත තරුණිය තමයි ආශා. එයා නතරවෙලා හිටියේ ගල්කිස්ස පැත්තේ කුලී නිවසක. මාලන් අන්තර්ජාලය ඔස්සේ ආශා එක්ක නිතරම විනෝද වුණා. දැන් මාලන්ට අධ්‍යාපන කටයුතු ගැන මතකයක් උවමනාවක් නැහැ. උදේ ඉඳලා රැ වෙනකල් එයා කරන්නේ ආශා එක්ක පෙම්කරන එක.ආශාත් දැනගෙන හිටියා මාලන් කියන්නේ කෝටිපතියෙක්ගේ පුතෙක් කියලා.

අනේ පැටියෝ ඔයා වගේ හොඳ කොල්ලෙක් අඳුනගන්න ලැබිච්ච එක මට කොයිතරම් වාසනාවක්ද. මම මේ රස්සාව කරන්නේ හිතකින් නෙවෙයි. මගේ දරුවෝ දෙන්න වේලක් හරි වේලක් කාලා ඉන්නේ මේ හම්බවෙන සොච්චමෙන්.

ආශා පුළුවන්තරම් එයාගේ දුක මාලන්ට කියලා අනුකම්පාව දිනාගත්තා.

ඔයා බයවෙන්න එපා ආශා අක්කේ. අපේ තාත්තිට ඕනේ තරම් සල්ලි තියෙනවා. ඔයාට මොනවා හරි ප‍්‍රශ්නයක් වුණොත් මට කියන්න මං උදව් කරන්නම්.

ආශාගේ හැටහතර මායම්වලට අහුවෙලා හිටිය මාලන් එයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න පොරොන්දු වුණා.

පැටියෝ ඔයා හැමදාම මට කතා කරන්නේ ෆෝන් එකෙන්නේ. හැම සතුටක්ම ලබන්නෙත් ඔය ෆෝන් එකෙන් නේ. ඔයා එන්නකෝ මාව හම්බවෙන්න. මං ඔයාව පිස්සු වට්ටලා ගන්නම්.

ආශා මාලන්ට එයගේ කුලී නිවසට එන්න ආරාධනා කළා. මාලන්ටත් පුදුම අවශ්‍යතාවක් තිබුණේ මේ අලූත් අත්දැකීම ලබාගන්න. මාලන් කාටත් හොරා ගල්කිස්සේ සිටි ආශාව සොයාගෙන ජීවිතේ පළවෙනි වතාවට මේ පුංචි කොල්ලා ආශා ඉදිරියේ උන්මත්කකයෙක් වගේ හැසිරුණා.

දැන් මාලන්ට ආශාගෙන් තොර ලෝකයක් නැහැ. සතියට දෙතුන් වතාවක් එයා ආශාව මුණගැහෙන්න ගල්කිස්සට යනවා.

අනේ කොල්ලෝ මං ලොකු ප‍්‍රශ්නයක ඉන්නේ. මගේ දරුවට අසනීපයි. එයාට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒකට ලක්‍ෂ 2 ක් විතර යනවා. මට ඒකට සල්ලි නැහැ. මේවා කියන්න කෙනෙකුත් නැහැ.

ආශා මාලන් එක්ක විනෝද වෙලා නිදහසේ ඉන්න වෙලාවක් බලලා කිව්වා. ‘අයියෝ ඕක පොඩි දෙයක් නේ. මං ඔයාට හෙටම සල්ලි ගෙනත් දෙන්නම් ඔයා ඔපරේෂන් එක කරගන්න.

මාලන් රුපියල් ලක්‍ෂ දෙකක මුදල ආශාට ගෙනත් දුන්නා. මෙන්න මේ විදිහට ආශා එයාගේ මායම් පාවිච්චි කරලා මාලන්ගෙන් රුපියල් ලක්‍ෂ ගාණක මුදල් කඩා ගත්තා. දැන් මාලන්ට අධ්‍යාපන කටයුතු ගැන උනන්දුවක් ඇතතේම නැහැ. එයා ආශා එක්ක වෙනම ජීවිතයක් ගත කරන්න පුරුදුවෙලා හිටියේ.

පුතාගේ හැසිරීමේ වෙනසක් තියෙන බව මාලන්ගේ දෙමව්පියන් දැනගන්න කොට වෙන්න ඕන බොහෝ දේවල් සිද්ධවෙලා ඉවරයි. ඒ වෙනකොට මාලන් ඉගෙනීම එහෙම පිටින්ම කාඩාකප්පල් කරගෙන ගෙදර තිබුණ රුපියල් ලක්‍ෂ ගාණක මුදල් අතුරුදන් වෙලා කියලා මාලන්ගේ තාත්තා දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සේ.

අනේ තාත්තේ අමාරුවේ වැටිලහිටිය අක්ක කෙනෙකුට මං උදව් කළා. එයාගේ ජීවිතේ ගොඩ ගන්න තමයි මං හැම දෙයක්ම කළේ. මාලන් සිද්ධවෙච්ච හැම දෙයක්ම අන්තිමේදී තමන්ගේ තාත්තා එක්ක කිව්වා. ඒ වෙනකොට මාලන්ව දැපනෙ දාගෙන හිටිය ආශා ගල්කිස්ස කුලී නිවසත් අතහැරලා ගිහින් තිබුණා.

සිද්ධවෙච්ච පාඩුව විඳ දරාගෙන තමන්ගේ පුත‍්‍රයා යහමගට ගන්නෙ කොහොමද කියලා මාලන්ගේ තාත්තා දහඅතේ කල්පනා කරන්න වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හරියවෙලා ඉවරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්