Jun
10

ඉන්දීය ප්‍රභේදයේ දෙවැනි අසාදිතයා මෙරටින් වාර්තා වෙයි

 
1625 Views
   
 

කොවිඩ් 19 ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ඛාණ්ඩයේ දෙවැනි රෝගියා මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මෙම අසාදිතයා වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ. මේ හැරුණු විට B.1.411 දේශීය කෝවිඩ් ප්‍රභේදය අසාදනය වූ පුද්ගලයෙක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්.

hirunews.lk

මෙන්න බලන්න තවත් ගොසිප්