May
30

ශ්‍රී ලංකාව බේරා ගත හැකි අයුරු රනිල් කියයි

 
2667 Views
   
 

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා  පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනාද ගත යුතු බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සියළු පක්ෂ ඊට යෝජනා ලබාදී වසංගතයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා උදව් කළ යුතු බව  ද සඳහන් කළේය.

අද (30දා) කොළඹ දී විඩීයෝ තාක්ෂණය හරහා විශේෂ ප්‍රකාෂයක් සිදු කරමින් ඒ මහතා මේ බව කීවේය.

වෛද්‍ය ක්ෂේත්‍රය,ව්‍යාපාරිකයන්, විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කොට මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය යුතු බවත්  වසංගත පාලනයට අවශ්‍ය නීති ද මේ යටතේ සම්මත කරගත හැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා මාතාව බේරා  ගැනීමට හැකියාව ඇත්තේ සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කළහොත් පමණක් බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්