Aug
29

ඊයේ කොවිඩ් මරණ 212ක්, ආසාදිතයින් 4500 ඉක්මවලා

 
481 Views
   
 

තවත් කොවිඩ් ම රණ 212ක් මෙරටින් වාර්තා වනවා ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ම රණ ගණන 8,583ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අඛණ්ඩව ම රණ 200 ඉක්මවා වාර්තා වූ තුන්වන දිනය ඊයේයි. මෙම ම රණ අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 103ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ ම රණ 2ක් වන අතර ඒ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වශයෙන්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 20ක් සහ කාන්තාවන් 17ක් මි යගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 88ක් සහ කාන්තාවන් 85ක් මෙම ම රණ 212ට අයත්. මේ අතර ඊයේ (28) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 4582ක් වාර්තා වුනා. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 421557ක්. ඉන් 57580ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර 355394ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්