Feb
11

” ඒකට නොසෑහෙන්න විවේචන එකතු කරලා තිබ්බා මොකද මම ඒ ස්ථානයට ගිහින් තිබුනෙ කළු පැහැති ඇඳුමකින් සැරසිලා” පියුමි ශ්‍රී නායක

 
728 Views
   
 

ප්‍රියුමි ශ්‍රී නායක කියල කියන්නේ මේවෙනකොට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අපි හැමෝම ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇයව අපට මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ” පාරදිගේ” ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නිර්මාණ රැසකින් දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අලුත් වීඩියෝ නිර්මාණයන් සිය රසික ජනයාට දායාද කරන සුන්දර තරුණියක ලෙසත් අපට ඇයව හදුන්වන්න පුලුවනි

කොහොමහරි ඉතින් සමාජ මාධ්‍ය තුළ ඇය පිළිබඳ නිරන්තරයෙන් කතාබහට ළක්වීමට එක් හේතුවක් වෙන්නේ ඇගේ මේ වීඩියෝවන් තමයි. මොකද හරි අපූරුවට ලස්සනට ඒ වීඩියෝ වලට රංගන දායකත්වය ලබාදෙන පියුමි ඒවා නිරන්තරයෙන් වගේ මුහුණු පොත හරහා ගොඩක් දෙනෙක් එක්ක බෙදා ගන්නට අමතක කරන්නේ නැහැ. ඉතින් මේ ජනප්‍රිය චරිතය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඒ මෙලෙසයි

ඇත්තටම පියුමි සාමාන්‍යයෙන් එක මාසකට කොයිතරම් වීඩියෝ සංඛ්‍යාවක් කරනවද ?

ඇත්තටම එහෙම විශේෂයක් කියලා නැහැ මගෙම යූටියුබ් නාලිකාවක් තියෙනවා පියුමි ශ්‍රී නායක නමින්. ඉතින් මම රූගත කිරීම්වලදී සිද්ධ කරන සමහර වීඩියෝ එකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම මනාළියන් විදිහට හැඩ උන වීඩියෝස් මම එකට දානවා. ඒවට ලක්ෂ ගණනින් වීව්ස් හැදෙනවා. ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි

ඉතින් මේ ආකාරයට පිළිතුරු ලබාදුන්නු ඇය කියා සිටියේ තමන්ට මේවෙනකොට ආදරේ ආදරය කරන බොහෝ රසික පිරිසක් ඉන්නවා කියලයි. ඒ වගේම එලෙස එකතු කරන සමහර වීඩියෝ වලට නරක අදහස් වගේම සමහර වීඩියෝ වලට හොද අදහස් බොහෝ දෙනෙක් එකතු කරනවා කියලයි ඇය කියන්නේ

ඉතින් මේ විදිහට ඔබ සමාජ මාධ්‍යට එක් කරන වීඩියෝ අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මොකටද ?

මම මෑතකදී මගේ යූටියුබ් නාලිකාවට රුවන්වැලිසෑයට ගිහින් වීඩියෝ එකක් කරලා දාලා තිබුණා. අම්මෝ ඒකට නොසෑහෙන්න විවේචන එකතු කරලා තිබ්බා මොකද මම ඒ ස්ථානයට ගිහින් තිබුනෙ කළු පැහැති ඇඳුමකින් සැරසිලා. මොකද ඒ වෙද්දි මම රූගත කිරීම් වලට අනුරාධපුරේ සම්බන්ධ වෙලා හිටියේ. කාර්යබහුලත්වයත් එක්ක රුවන්වැලිසෑයට යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මොකද දවස් දහයෙන් වගේ රූගත කිරීම් අවසන් කරන්න අවශ්‍ය වෙලා තිබ්බා

ඒ නිසා මම සුදු ඇඳුමක් අරගෙන ගිහින් තිබුණෙ නැහැ. ඉතින් මට රුවන්වැලිසෑයට යන්න ඕනි වුනා ඒ ගමන මම එදා ඇඳගෙන ගියේ දිග කළු සායකුයි කලු ටී ෂර්ට් එකකුයි. හොඳටම සංවරව ඇඳගෙන ගියේ එහි වීඩියෝවක් කරලා මම මගේ යූටියුබ් නාලිකාවට මුදා හැරියා. අම්මෝ මිනිස්සු එකට ගොඩක් දොස් කියලා බැනලා තිබුණා

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු මේ සුන්දර රංගන ශිල්පිනිය අවසන් වශයෙන් කියා සිටියේ ” මිනිස්සුන්ට කියනවා පන්සලකට යන්න කලුද රතු ද සුදු ද කියන දේ හොයන්න ඕනි නැහැ හිත සංවර නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක තමයි වැදගත්ම දේ කියලා.” කියලයි

ඉතින් මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන මේ සුන්දර රංගන ශිල්පිනිය පියුමි ශ්‍රී නායකට ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්