Mar
3

“What’s New” : නීතිය හදාරණ තරුණ තරුණයින්ට වැඩසටහනක් අද

 
57 Views
   
 

අලුතෙන් ආ නීති සහ අලුතෙන් එන නීති ගැන කතිකාව What’s New,
ජනාධිපති කාර්යාලය තරුණ නීතිඥයින් වෙත රැගෙන එයි

රටේ නීති වෙනස් විය යුතුද? මේ කාරණය කරලියට ආවේ මීට වසර එකහමාරකට පෙරය. 2022 වසරේ මෙරට මුහුණදුන් ආර්ථික අවපාත සමයේදී ශ්‍රී ලංකාවට නීති පද්ධති පරිණාමයක අවශ්‍යතාව දැඩි ලෙස පෙනී ගියේ යළිත් මෙවැනි ආර්ථික අර්බුදයකට රට පත්වීම වලක්වාලීම තහවුරු කරගැනීම සඳහාය. රටේ අවශ්‍යතාව හඳුනාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් මෙරට නීති ක්ෂේත්‍රයේ නවීකරණය කෙරෙහි අවධානය යොමුකරන ලද්දේ එබැවිනි. මෙම ප්‍රගතිශීලි නවීකරණ යෝජනා මගින් ඉතා වැදගත් නීති ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි ප්‍රතිසංකරණ ඉදිරිපත් කරන ලදි. මීට වෙළඳ ලිබරල්කරණය පිළිබඳ නව නීති, බුන්වත්භාවය පිළිබඳ නව නීති සහ විශේෂයෙන්ම කාන්තාව සවිමත් කිරීම සඳහා සමාජයේ විශාල අපේක්ෂාවකින් පැවති නව නීති ඇතුළත් වේ. මෙම නීති ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ ඉන් ඵලගැන්වෙන ආර්ථික සංවර්ධනයේ වටිනාකම සමස්ත ජාතික රාජ්‍ය පද්ධතියේ සිට තනි පුරවැසියා දක්වා අදාළ වේ.

නව නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව මෙන්ම තරුණ සහ නව පරපුරේ අදහස්වල වැදගත්කම හඳුනාගත් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ තරුණ කටයුතු හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතාගේ ප්‍රමුඛත්වයෙන්, “What’s New” ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මෙරට අලුතෙත් සම්පාදනය වන සහ ප්‍රතිසංස්කරණය වන නීති පිළිබඳව, තරුණ නීති ප්‍රජාව සහ සමාජය තුළ පැහැදිලි කතිකාවතක් ඇති කිරීමටයි. අනාගත නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබාදීම සඳහා තරුණ නීතිඥයින්ට, තරුණ නීතිවේදීන්ට මෙන්ම නීති ශිෂ්‍යයින්ට අවකාශ සැලසීමට මෙම ව්‍යාපෘතිය බලාපොරොත්තු වේ.

“මෙරට වර්තමාන නීති ආකෘතිය තුළ පවතින හිදැස් හඳුනාගැනීමටත් ඊට සරිලන විසඳුම් යෝජනා කිරීමටත් “What’s New” ව්‍යාපෘතිය තරුණ නීති වෘත්තිකයින්ට ආරාධනා කර සිටියි. රට පුරා විසිරී සිටින දක්ෂ නීති වෘත්තිකයින්ගේ අනාගත දැක්ම ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කොටදීමත්, ඉන් මෙරට තිරසාර සංවර්ධනයක් කෙරෙහි යන ගමනට තරුණ පරපුරට දායකත්වය ලබාදීමට ඉඩ සැලැසීමත් “What’s New” ව්‍යාපෘතියේ අරමුණ” බව රන්දුල අබේවීර මහතා අප වෙත ප්‍රකාශ කර සිටියේය.

300ට වැඩි තරුණ නීතිඥවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “What’s New” කතිකාව පැවැත්වෙන අතර, නීතිපති සංජේ රාජරත්නම් මහතා සහ ජනාධිපති නීතිඥ එරාජ් ඩි සිල්වා මහතා දේශන පැවැත්වීමට නියමිතය. ඔවුන් ඒ වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරුණයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට සැලසුම් කර තිබේ. තරුණයන්ට යෝජනා අදහස් ඉදිරිපත් කිරිමේ ඩිජිටල් මෙවලම් මේ ඉරිදා (03) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කෙරෙනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්