Nov
28

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන්, කොත්තු නගී – හෙට සිට කෙටි ආහාරත් නගී

 
1192 Views
   
 

අද (28) මධ්යම රාත්රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්රකාශ කළේ, තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දමන බවය.

සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද සාධාරණ ලෙස ඉහළ දමන ලෙස බේකරි හිමියන්ට දැනුම් දී ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

මේ අතර, හෙට (29) සිට කොත්තුවක මිල රුපියල් 10කින් හා කෙටි ආහාර වර්ග සියල්ලෙහිම උපරිම මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගත් බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ පිළබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්රකාශ කළේ, ඉකුත් සති දෙකක කාලය තුළ වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟයක් පැවති බවත් එම හිඟයෙන් අනතුරුව තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති බවත්ය.

ඒ හේතුවෙන්, මෙලෙස කොත්තු සහ කෙටි ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්