Nov
8

සාගතය හා දිළිඳුකම ඉවසාගත නොහැකිව ඇෆ්ගන් වැසියෝ දරුවන් මහල්ලන්ට විකුණයි

 
2453 Views
   
 

දිළිඳුකම සහ සාගතය රට පුරා ව්යාප්ත වීමත් සමග අසරණ වූ දුගී ඇෆ්ගන් මාපියන් තම සිඟිති දියණියන් වැඩිහිටි පිරිමින් හට විකුණා දමන තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

තලෙයිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති අතර සීමිත ආධාර පවා ඉතා දුර බැහැර හා දුප්පත් ප්රදේශවලට ළඟා නොවන බැවින් මෙම නීච වෙළඳාම සඳහා සරුබිමක් සැකසී ඇති බවට CNN පුවත් සේවය නිදසුන් සහිතව වාර්තා කරයි.

එම පුවත් සේවය විසින් සාක්ෂි දරනු ලබන මෙවැනි ගනුදෙනුවකදී පර්වානා මලික් නමැති 09 හැවිරිදි දැරියක 55 හැවිරිදි පුද්ගලයකුට විකුණා ඇත්තේ පවුම් 1600 ක ටයි. වයස්ගත පුද්ගලයා හට දැරිවිය බාරදෙන සෝචනීය අවස්ථාව රූපගත කිරීමට මාධ්යවේදියකු හට අවසර ලැබී තිබේ. එම ගනුදෙනුව රූගත කිරීමට ඇගේ පවුලේ අය ඉඩ දුන්නේ දුප්පත් ඇෆ්ගන් පවුල් ඇදවැටී ඇති දුක්ඛිත තත්වය කෙරෙහි ලෝකයේ අවධානය යොමු කිරීමට බවයි අදාළ මාධ්යවේදියා පැවසුවේ.

තමා පාසල් ගොස් අනාගතයේ ගුරුවරියක් වීමට සිහින දුටු නමුත් තලෙයිබාන් පාලනය විසින් විවාහය සඳහා ඇද දැමූ බව පර්වානා මාධ්යවේදියා වෙත පවසා ඇත. ඇයට පහර නොදී කරුණාවෙන් බලා ගන්නා ලෙස ගනුදෙනු සම්පූර්ණ කරන මොහොතේ දැරියගේ පියා ගැනුම්කරු ගෙන සිටින ආකාරය වීඩියෝ දර්ශන වල දැක්වෙයි.

තමාට බිරියක් සිටින බැවින් පර්වානා ගෙනයන්නේ තම නිවසේ වැඩ පළ කරවා ගැනීමට බවත් ඇයට පවුලේ සාමාජිකයෙකුට මෙන් සලකන බවත් පවසන ගැනුම්කරු කෙසේ වෙතත් ළමයා මිලදී ගෙන ඇති බැවින් ඇයට සැලකිය යුතු ආකාරය තීරණය කරන්නේ තමා යැයි ද අවධාරණය කර තිබේ. තවත් ගැහැණු ළමයෙකු 70 හැවිරිදි මිනිසකු හට ඇගේ පියා විසින් පාවා දී ඇත්තේ ණය පියවීම සඳහාය. ණය නොගෙවුවහොත් තලෙයිබාන් සංවිධානයට දන්වා සිරගෙට යවන බවට මහල්ලා ළමයාගේ පියාට තර්ජනය කර ඇත.

කුසගින්නෙන් පෙළෙන තම පවුලට ආහාර සපයා ගැනීම සඳහා තම දියණියන් හතර දෙනාව පවුම් 800කට විකිණීමට කැමති බව තවත් එක් පියෙක් මාධ්ය වෙත පවසා ඇත. ළමා විවාහ ඇෆ්ගනිස්තානයේ තාක්ෂණික වශයෙන් නීති විරෝධී වන නමුත් රටේ ග්රාමීය ප්රදේශවල එය තවමත් බහුලව සිදුවේ.

CNN

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්