Mar
19

AVANT SUPER CUP 2022 තරඟාවලිය අද සිට ඇරඹේ

 
1419 Views
   
 

කොළඹ දිස්ත්‍රික් බාස්කට් බෝල් සංගමය සංවිධාන කරන ” AVANT SUPER CUP 2022 ” තරඟාවලිය අද සිට 2022.03.19 සිට ඇරඹේ.

ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරය මෙය සංවිධානය කරයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපේල් මස 02 වනදා දක්වා මෙය පැවැත්වේ.

කාන්තා හා පිරිමි ලෙස කාණ්ඩ 4ක් යටතේ මෙම තරඟ පැවැත්වේ. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදීමට නියමිතයි. විදේශ කණ්ඩායම් 02 සඳහා යුරෝපා රටවල් 04 ක ක්‍රීඩකයන් සහභාගි වෙති.

සතියේ දිනවල පස්වරු 4.30 ට ඇරඹෙන තරඟාවලිය සති අන්තයේදී පැවැත්වෙන්නේ රාජකීය පිටියේදීය. ඒ අනුව අද පැවැත්වෙන තරඟය රාජකීය පිටියේදී පස්වරු 2.30 ට ඇරඹේ.

🔷 මෙහි ඇති වටිනාම දෙය වන්නේ මෙවැනි දෙස් විදෙස් සංකලනයකින් යුත් තරඟාවලි සංවිධානය කිරීමෙන් අප රටට විදෙස් ආකර්ශනය වැඩි ලෙස ලබා ගැනීම බවත් සංචාරකයන්ගේ වැඩි පැමිණීමක් මේ හරහා සිදු කර ගැනීමටත් බව ඇවන්ටගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි . එමඟින් රට තුළට ඩොලර් ගෙන ඒම එතුමාගේ ප්‍රධාන අභිප්‍රායයි.

🔷 බාස්කට් බෝල් ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෘත්තියමය වශයෙන් නගාසිටුවීම එතුමාගේ ප්‍රධාන අරමුණු වලින් එකකි .

🔶 ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් යුරෝපානු රටවල් වල වැරදි චිත්‍රයක් මැවීමට ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන බැවින් එය බිඳ දැමීමද මෙහි අරමුණක් බව ඇවන්ට්ගා‍ර්ඩ් සමූහයේ අධිපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසයි 🔶

මෙයින් කිසිදු ආදායමක් උපයාගැනීමේ අරමුණින් තොරව පවත්වන අතර මේ සඳහා ලක්ෂ 500 ත් 600 ත් අතර වියදමකින් පවත්වන ක්‍රීඩා තරඟාවලියයක් වන බවත් මෙම මුදල් සියල්ලම ඇවන්ට්ගාඩ් අයතනය පෞද්ගලිකව දරණ බවත් එතුමා පැවසීය.

මෙමඟින් එතුමාගේ බලාපොරොත්තුව සෑම දේශීය බාස්කට් බෝල් ක්‍රීඩකයකු සඳහාම හොඳ ක්‍රීඩා ශක්තියක් ඇති දක්ෂයන් බවට පත් කරමින් අන්තර්ජාතික ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කර එයින් ගතගැකි අත්දැකීම් සහ ක්‍රීඩා ඥාණය රැගෙන මෙරට මෙම බාස්කට් බෝල් ක්‍රීඩාව තව දුරටත් දියුණු කරගෙන යෑමයි.

මන්ද, 2014 න් පසු ඇතැම් කණ්ඩායමක් මෙම ක්‍රීඩාව පිළිබඳ අනාගතය භාර ගත්තද එය වගකීම් පැහැර හරිමින් දිනෙන් දින අගාධයකටම ගොස් ඇති බවත් එතුමා ඒ අය පිළිබඳ විවේචනය නොකරන බවත් හැකි උපරිමයෙන් නැවතත් මෙම ක්‍රීඩාව පණගන්වා ජාත්‍යන්තරය දක්වා ගෙනයාමට අවශ්‍ය වටපිටාව සාදනබවත් පැවසීය. යම් කිසි දෙයක් භාර දිය යුත්තේ කළ හැකි අයට පමණයි. නිළ , බල තනතුරු පත්වීම් ලබා ගන්නේ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් නම් එයින් ක්‍රීඩාවේ කිසිදු ප්‍රගතියක් නොවන බවත් බාස්කට් බෝල් ක්‍රීඩාව සඳහා එවැනි දෑ සිදුවනවා දැකීමට එතුමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවත් පැවසීය .

මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වන කිසිදු අයෙකුගෙන් මුදල් අයකිරීමක් සිදු නොවන බවත් මේ සියලු දේ සිදු වනුයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා බවත් සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙන බවත් ඇවන්ට්ගාඩ් සමූහයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා වැඩි දුරටත් පැවසීය .

එතුමා ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, හිටපු හමුදා උසස් නිළධාරියෙක් ලෙසත් රටට විශාල සේවයක් ලබාදෙන මනුසත් කමින් පිරිපුන් කෙනෙකි. කරන සියලු කාරණා මාධ්‍ය ඉදිරියේදී නොකීවත් නිහඬව මේ මවුබිම වෙනුවෙන් අහිංසක ජීවිත වෙනුවෙන් කරනා සේවය මෙසේ එක් මොහොතින් කියා අවසන් කිරීමට නොහැක. රටට ආදරයෙන් වැඩ කරන එතුමාගේ සේවය මේ මොහොතේ ද ඉතා වැදගත්. මේ ක්‍රීඩාවලියෙන් පවා එතුමා බලාපොරොත්තු වෙන්නේ තම පෞද්ගලික ලාභයක් නොව මෙයින් ලක්මවට අත් වන කීර්තිනාමයයි. ක්‍රීඩකයන් සඳහා ලැබෙන වටිනාකමයි.

ඔබ රට වෙනුවෙන් කරන සේවය අමිලයි. එහි පුරවැසියන් ලෙස අපි ඔබට හදවතින්ම කෘතඥතාව පිරිනමමු ….!!!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්