පොදුජන ගැටළු වලට විසඳුම් ඉල්ලමින් තරුණ පරපුරේ අරගලයක් ලෙස ආරම්භ උන ගෝල්ෆේස් අරගලය දැන් වෙනත් දිශාවකට ගමන් කරමින් ඇති බව පෙනේ. දැන් අරගලයට ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙන බව නොරහසකි. එම මුදල් බෙදාගැනීමටද ඔවුනොවුන් ඇණකොටා ගනී. අරගලය එසේ ක්‍රියාත්මක වන අතර ජවිපෙ පිරිසක් මේ වන විට අරගලයෙන් දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියාත්මක වේ. අරගලයේ සිටින කලාකරුවන් බොහොමයක් දෙනා ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයන්ය.
දැන් අරගලයේ අලුත්ම ප්‍රවණතාවය බඩදරු මව්වරුන්, අත දරුවන් වඩාගත් මව්වරුන් සහ කුඩා දරුවන් අතට සටන් පාඨ ඇතුලත් පුවරු දී අරගලයේ පෙරට යැවීමයි. ලංකාවේ ජරාජීර්ණ දේශපාලකයන්ගේ අරගලයක් වෙනුවෙන් හයක් හතරක් නොදත් අතදරුවන් යොදාගැනීම මම තරයේ හෙළාදකිමි. මේවාට දරුවන් යොදාගන්නා දේශපාලකයන්ට සැබැවින්ම ශාප විය යුතුය.
ජවිපෙට නම් එදා සිට අද දක්වාම තම දේශපාලනය රැළි වලට කුඩා දරුවන් යොදා ගැනීම අළුත් දෙයක් නොවේ. නමුත් මේවාට තම දරුවන් රැගෙන යන දෙමාපියන් පිළිබඳව මට ප්‍රශ්නයක් ඇත. ඔවුන් සැබැවින්ම දෙමව්පියන්ද? දරු සෙනෙහස ඇති සැබෑ දෙමාපියෙකු කිසි දිනක තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් තම දරුවන් යොදා නොගනී. ගෝඨාභය ගෙදර යැවීමේ මුවාවෙන් සිංහල බෞද්ධයන්ට එරෙහිව කරන මේ අරගලයට යන බඩදරු මව්වරුන් කරන්නේ නූපන් දරුවන්ටද ද්‍රෝහිකමකි.
මේ දේවල් වල බරපතලකම සහ තමන් රැවටුන බව වැඩි දිනක් යාමට පෙර ඔවුන්ටම වැටහෙනු ඇත. අරගලයට මුලින් සහය දුව් බොහෝ දෙනෙක් දැනටමත් සත්‍ය තත්වට තේරුම් ගෙන පසු තැවේ. අනෙක් සියළු දෙනාටත් තමන් තමන්ගේම ආගමට, ජාතියට එරෙහි වීම මෙන්ම තම දරුවන්ද ඒ පවට හවුල් කරවා ගැනීම පිළිබඳව ජීවිතය පුරාවටම පසුතැවීමට සිදු වන බව නොඅනුමානයි.