Jan
29

ගුවන් හමුදා ඉතිහාසය වෙනස් වෙයි

 
691 Views
   
Air Force history changes  

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව  ජනාධිපතිතුමා කියා සිටී.

වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේ දී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී කළ මෙහෙවර ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ. හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ.

ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතුය. නිලධාරීන්ගේ අවංකභාවය සහ විනය තුළ ඇති වටිනාකම පෙන්වා දුන් ජනාධිපතිතුමා තම නායකත්වය යටතේ සිටින සෙසු නිලයන් කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල මත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම නිලධාරීන් වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාඨමාලා කාණ්ඩ 06ක් යටතේ වසර තුන හමාරත්, හතර හමාරත් අතර කාල පරාසයක් තුළ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153 ක් අධිකාරියට පත්ව අද විසිර ගියහ. ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙස  මෙය සනිටුහන් කෙරේ.

ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිතුමා විසින් පියාසර නිල ලාංඡනය පැළඳවිණ. සියලුම පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු  14 දෙනෙක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්