May
1

ගෙදර දුවනකන් ඉවසිල්ලක් නෑ චුටී දෝනි බලන්න – මනේජ් කියයි

 
836 Views
   
Can't-wait-to-run-home,-see-Chuti-Dhoni---says-Manoj  

මනේජ් සංජය කියන්නේ හිරු ස්ටාර් රියලටි වේදිකාව තුලින් බිහිවුන දක්ෂ ගායකයෙක්. ඔහුගේ වැඩියෙන්ම ජනප්‍රිය වුන ගීතයක් තමයි පණට නමක් දෙනවානම් ගීතය. වර්තමානය වෙනකොට ඔහු ලංකාවේ ජනප්‍රියම ගායකයින් අතරේ සිටින කෙනෙක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ වෙනකොට ගීත ගණනාවක්ම ගයනා කරලත් තිබෙන ඔහු තරුණියන්ගේ සිහින කුමාරයෙක් වුනත් දැන්නම් විවහා වෙලයි ඉන්නේ. කොහොම වුනත් මනේජ්ගේ අලුත් ගීතයක් ආවාම මිලියන ගණනක් ඒක නරඹනවා.

මොකට රුපවාහිනියට වඩා සමාජ මාධ්‍ය වල දැන් හැම දෙයක්ම ජනප්‍රිය වෙලා තියන නිසා. ඉතින් රටක් ආදරේ කරන මේ නිහතමානි ගායකයා ගැන සුභ ආරංචියකුත් අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියලා. මීට පෙරත් බබා ලැබෙන්න කලින් බිරිඳත් එක්ක ලස්සන ෆොටෝ ශුට් එකකුත් කරලා තිබුනා. ඔහු විවහා වෙලා දැන් වසර දෙකකටත් ආසන්න කාලයක් වෙනවා. දක්ෂ ගකයෙක් විදියට රටේම ආදරේ දිනාගෙන ජනප්‍රිය වුනා වගේම.

මේ ආදරණිය ආරංචිය දැනගත්ත ගමන්ම ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂකයින් හැම කෙනෙක්ම සුභ පතලා තිබුනා. ඒ වෙනුවෙන් මනේජ් මුහුණු පොතේ සටහනක් තබා තිබුනේ මෙහෙමයි. දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීම. ගෙදර දුවන කල් ඉවසිල්ලක් නෑ චූටි දෝනි බලන්න. ඒ වගේම දියණියට නම තියලා තියෙන්නේ මිහින්‍යා ස්වරැසි කියලා. ඒකෙ තේරුම තමයි මිහිකතේ තාල මවන්නී, මේ ලස්සන නම දීලා තිබුනේ ප්‍රසන්න කුමාර දම්මලගේ.

ඉතින් මනේජ් කියන්නේ අද වෙනකොට ලංකාවේ හොඳ ගායකයෙක් විදියට තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කෙනෙක්. ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් ජනප්‍රිය වෙන්නේ අනුන්ගේ ගීත ගයනා කරලානේ. ඒත් මනේජ් තමන්ගේම ගීත තුලින් මිලියන ගණනක් ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනාගෙන ඉන්නවා. ඊට අමතරව ටෙලිනාට්‍ය වල පසුබිම් ගීත එහෙමත් ගයනා කරන්න ඔහුට අවස්තාව ලැබිලා තියනවා. සංගීත ජිවිතේ වගේම පිය පදවිය ලැබූ මනේජ්ගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපිත් එක සිතින් ප්‍රර්ථනා කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්