Oct
16

ගමටත් නිවාස ව්‍යාපෘති

 
490 Views
   
 

ඉදිරි වසර කිහිපයේ වැඩ නිමකිරීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව ඇත. මධ්‍යමපාන්තිකයන් සඳහා නිවාස 3,000 ක් කොළඹ නගරයේද, තවත් නිවාස 2,000 ක් කොළඹින් බැහැරව ඉදිකිරීමට සැලසුම් කර ඇත. “සියක් නගර” ව්‍යාපෘතියට සමගාමිව එක් නගරයක නිවාස 100 බැගින් නිවාස 10,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි.ඒ අනුව 2024 වර්ෂය අවසන් වන විට නිවාස 60,000 ක් ඉදිකිරීමට අරමුණ බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර මහතා පවසයි.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කල මුදල් ආපසු මහා භාණ්ඩාගාරය වෙත යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර එම ව්‍යාපෘති නිම කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාල නිළධාරීන් වෙත පැවසයි. ඇවිදින මංතීරු ඉදිකිරීම සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳව සහ කොළඹ අගනගර නාගරික ව්‍යාපෘතිය මෙන්ම, උපායමාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී ඇත. රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන අතර, එහි සාර්ථක ප්‍රථිඵල 2024 වර්ෂයේ අවසානභාගය වනවිට දැකගත හැකිය. සංවර්ධිත රටක්, සැබෑවෙමින් පවතින හීනයක්, (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්