Sep
10

මෙරට කො විඩ් ආසාදිත ම රණ සංඛ්‍යාව එකොළොස්දහසට ආසන්නයි

 
524 Views
   
 

තවත් කොවිඩ් ආසාදිත ම රණ 131ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 10995ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දින තහවුරු කළ වාර්තාවේ සඳහන් වනවා.

එලෙස මි යගිය අයවලුන් අතර කාන්තාවන් 58ක් සහ පිරිමි පුද්ගලයන් 73ක් අයත්. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මි යගිය පිරිස අතර වනවා. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ ම රණ 20ක් වන අතර ඒ කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 46ක් සහ පිරිමි පුද්ගලයන් 64ක් ඊයේ තහවුරු කළ ම රණ 131ට අයත්. මේ අතර මෙරට තුළ ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදවල විකෘති තත්ත්වයන් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය විසින් සිදුකළ නවතම පර්යේෂණ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 95 යි දශම 8 ක්ම ඩෙල්ටා විකෘති ප්‍රභේදය ආසාදිතවූවන් බව තහවුරු වී තිබෙනවා. සිදුකර ඇති ජාන විශ්ලේෂණ පරීක්ෂණ අනුව තහවුරු වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාවද 339 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මේ අතර, කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1,512 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගිය අතර, ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 409,628 ක්. මේ අතර, ද රු ව න් ගේ පෝෂණය සහ විවේකය මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දැනුම් දෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්