Nov
21

දිනය වෙලාව රහසක් – සජබ දැවැන්ත උද්ඝෝෂණයක් යළිත් කොළඹදී

 
1402 Views
   
 

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම උද්ඝෝෂණය පවත්වන දිනය හෝ ස්ථානය පිළිබඳව තොරතුරු දැන්ම ප්රසිද්ධ නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සති අන්ත පුවත්පතකට පවසා තිබුණා.

සමගි ජන බලවේගය පසුගිය 16 වනදා පැවැත්වුණු උද්ඝෝෂණ පා ගමනට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බාධා සැලකිල්ලට ගනිමින් මීලඟ උද්ඝෝෂණය පවත්වන දිනය සහ ස්ථානය ගැන තොරතුරු කලින් හෙළි නොකරන බවද එම මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කර තිබුණා.

 

අකිත පෙරේරා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්