Aug
21

සංගීතේ කතාවේ නිශානි ටීච සහා තිසංක සර් සැබෑ ලෝකයේ පුංචි දියණියත් සමග ගෙවන ආදරණිය ජිවිතේ

 
6664 Views
   
 

සංගීතේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරය දිනාගත් යුවලක් තමයි තිසංක සර් සහ නිශානි ටීචර් කියලා කියන්නේ. සංගීතේ ටෙලි නාට්‍ය වගේම ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතෙත් ආදරණිය ජිවිතයක් තමයි ගතකරන්නේ ඔවුන් දෙදෙනා විවහා වෙලා තමයි සිටින්නේ ඒ වගේමයි ඔවුන් දෙපලට පුංචි දියණියක්ද සිටිනවා, දෙදෙනාම දෙරණ නාලිකාව හරහා ගායන ලොවට ඇවිත් මේ වෙද්දී ලංකාවම දන්නා රංගන ශිල්පින් දෙදෙනෙක් වෙලා, නිශානි ටීචර් කියන්නේ හංසනී විමලසිරි, තිසංක සර් කියන්නේ නවින් දිල්ශාන්, මේ ආදරණිය යුවල පහුගිය දවසක අලුත්ම ගීතයක් එළිදක්වලා තිබුණා. සුදු දෝනි නමින් එළිදක්වපු මේ ගීතයේ රූපරචනය සඳහා මේ ආදරණිය යුවලගේ පුංචි දූ සිගිත්තවත් එකතු කරගෙන තිබුණා.

මේ ගීතයට අඩිතාලම වැටෙන්නේ මීට වසර 3කට පෙර. ඒ කියන්නේ මගේ විශ්ව විද්‍යාලයේ 3 වන වසර විභාග කටයුත්තක් වෙනුවෙන් තමයි මෙහි පද රචනය මම කලේ. මෙහි පාදක වෙන්නේ මගේ අම්මා මාව බිහි කරන අවස්ථාවේ ඇගේ සත්‍ය අත්දැකීම. පුතාලා 3 දෙනෙක්ට අම්මා වුණ ඇයට වසර 7කට පසුව ලැබෙන එකම දියණිය අහිමි වෙනවා. ඊට හරියටම වසර 2කට පස්සෙ ඒ දියණියගේ උපන්දිනයටම ඈට දියණියක් ලැබීමට නියමිතයි. ඉතිං ඈ එදා මෙන්න මෙහෙම හිතුවා ලු, උඹව මෙලොවට බිහි කරලා, උඹව ඇස් දෙකෙන් දැකලා මට ඇස් පියාගන්න වුණත් කමක් නෑ” එදා ඇගේ සිතිවිල්ල මට අත්දැකීමක් වෙමින් මම මව් පදවිය ලබලා දැන් වසරක්. ඒ අපේ ආදරණීය චේ නිෂෙල් දියණියගේ මව ලෙසින්. එතකොට වැදගත්ම කාරණය තමයි මෙහි සංගීත නිර්මාණය සිදු වෙන්නෙ චූටි නිෂෙල් මේ ලෝකෙට එන්නත් කලින්.

ඒ වගේම ගීතය ගායනා කරන්නෙ ඇයව කුසේ දරාගෙන ඉන්න 8 වන මාසයේදී. ගීතයට dummy 1ක් විදියට එදා ඒ කළ ගායනය වඩාත් ආදරණීයයි කියලා හිතුන නිසාම නැවත ගායනා කළේ නැ හැ. ඒ වගේම මෙහි රූප රචනය සිදු වෙන්නෙ මීට මාස 6කට පෙර. චූටි දුව මාස 6 සපුරද්දී. බොහෝ අඩුපාඩු ඇති. ඒත් ඔබ ගීතය ආදරයෙන් රස විඳියි කියල බලාපොරොත්තු වෙනවා කියලයි ඇය පවසන්නේ.ඉතින් ඔවුන් දෙපලගේ මේ අලුත්ම ගීතයත් ඔබට අහන්න පුළුවන්.ඒ වගේමයි ඔවුන් දෙදෙනාගේ ආදරණිය ඡායාරුප පෙළකුත් ඔබට ගෙන එන්න අපි අමතක කළේ නෑ.

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්