Mar
18

අනුත්තරාටයි මටයි පිස්සු – තමන්ගේ පිස්සුව ගැන ලෝචනා පළමු වරට කියයි

 
1511 Views
   
 

පුතයි සැමියයි නෙදර්ලන්තයේ තියලා හදිසියේ නිර්මාණයකට ආපු ලෝචනා ඉමාෂි තවමත් ඉන්නේ ලංකාවේ. කොරෝනා හින්ද ආපහු නෙදර්ලන්තයට යන්න බැරිවුණ හින්දම සැමියයි පුතාවයි අවුරුද්දකින් දැකලා නැහැලූ. ලෝචනා ලංකාවට ඇවිත් කරපු සංසාර සිහිනයේ ටෙලි නාට්‍ය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. අනුත්තරත් ලෝචනාට වඩා පොඞ්ඩක්වත් වෙනස් නැහැ කියලයි කට්ටිය කියන්නේ. මේ තියෙන්නේ ලෝචනා ඒ ගැන කියන කතාව.

* අනුත්තරා හින්දා කාලෙකින් ටීවී එකෙන් දකින්න ලැබෙනවා

ඔය නාට්‍ය ඇත්තටම පටන්ගත්තේ ගිය අවුරුද්දේ. අනික මේ චරිතයට මට කතා කරලා ආරාධනා කරන කොට ඔයාට මේ චරිතයේ කරන්න දෙයක් නැහැ කියලයි අධ්‍යක්‍ෂ රෝහණ සමරදිවාකර කිව්වේ. මගේ චරිතය තමයි අම්මා ගේ අනතුර ඇස්දෙකෙන් දැක්ක නිසා එතැනින් එහාට මානසික මට්ටම ළමයෙක්ගේ වගේ.

* අධ්‍යක්‍ෂවරයා ඊට පස්සේ මොනවද කිව්වේ?

මේ චරිතයට මට ඔයාවමයි ඕනෑ කිව්වා. ඔයා හැසිරෙන විදිහනේ තියෙන්නේ. මට මේ චරිතයට බබාගේ දේවල් හරියටම එකතු කරන්න පුළුවන් වුණා.

* ලෝචනාත් අනුත්තරා වගේමද?

ඔව්. අනුත්තරා වගේමයි. ඇත්තටම මගෙත් පිස්සු වැඩ වැඩියිනේ. සමහර වෙලාවට මමයි මගේ බබයි කරන වැඩ එක වගේමයි. එතකොට ලොකු වෙනසක් නැහැ.

* මගතොටේදී මිනිස්සු අනුත්තරා ගැන මොනවද කියන්නේ?

පොඩි ළමයි තමයි මේ චරිතයට ගොඩක් කැමති. තවමත් ඒ කාලේ වගේම මේ චරිතය ගැනත් කතා කරනවා.

* කසාද බැන්දට ලෝචනා තවමත් එදා වගේමයි?

ඔව්. ඔව්. තවමත් මගේ විසේ අඩුවෙලා නැහැ. මම කොහොමත් හිටිය වගේමයි. කිසිම අඩුවක් නැහැ. මම කොහොමත් හැමෝමත් එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න චරිතයක්නේ. අනික කවුරුවත් මාත් එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

* මේ දිනවල ෂූටින් නැතිද?

සංසාර සිහිනයේ නාට්‍යයේ අන්තිම කොටස් ටිකේ ෂූටින් තියෙනවා. නාලිකාවල විවිධ වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඊට අමතරව බිස්නස් වැඩ කිහිපයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහට බලමු.

* ආපසු ව්‍යාපාරවලට අත ගහන්නද හදන්නේ?

ඔව්. ඉතිං කරනවා වහනවා. වරදිනවා එහෙම තමයි නේද? හැම වැඩක්ම අත්හදාබැලීම්නේ.

* සැලෝන් එක වැහුවද?

ඔව්. සැලෝන් එක වැහුවා.

* මේ පාර මොකක්ද මේ කරන්න හදන්නේ?

ඒ ගැන පස්සෙ කතා කරමු. නැතිනම් එදාට කියන්න දෙයක් නැහැනේ.

* සැමියයි පුතයි ළඟදීම ලංකාවට එනවා නේද?

ඒ ගොල්ලන් නෙදර්ලන්තයේ හිරවෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට අපේ‍්‍රල් මාසයේ තමයි එන්න හිතාගෙන ඉන්නේ. පොඩි ලියකියැවිලි වගයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක හදාගත්තු ගමන් ලංකාවට එනවා.

* සැමියයි පුතයි අවුරුද්දකින් විතර දැක්කේ නැහැ නේද?

සැමියටත් වඩා දරුවා තමයි සැමියා මොකෝ. අවුරුද්දක වෙලේ ඉඳලා මගේ ළමයා මගේ ළඟ නැහැ. ඒක මට තදින් දැනෙන කාරණාවක්. අවුරුද්දකින් පුතාව ළඟට ගන්නත් අල්ලන්නවත් බැරිවුණා.

* දෙන්න දෙපැත්තක ඉඳගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයි නේද?

මේක මට පෞද්ගලිකව අමාරුම කාලයක්. දරුවාගෙන් වෙන්වෙලා ඉන්නවා කියන්නේ දරාගන්නම බැරි කාලයක්. මොනව කරන්නද? මේක රටවල්වල තත්ත්වයනේ. අනික මේක මගේ වෙලාව. ඒ අසීරු කාලය කොහොම හරි ගෙවල ඉවර කරන්න එපායැ.

* මේ හින්දා ගොසිප් එහෙමත් හැදිලා ඇතිනේ?

අනේ ඔව්. ඔව්. ඒවා නම් ඕනෑ තරම් තියෙනවා. ඒවා ගණන් ගත්තොත් අපිට ඒ ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්න බැරි වෙනවා. ඉස්සර නම් ඕවා ගැන දුක හිතුනා. ඒත් ඉතිං දැන් ඒ ගැන හිතන්නේ නැහැ.

* ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

ගොඩක් වෙලාවට තියෙනවා නැතිවාම නෙමෙයි. ඒ වෙලාවට ඇඬෙන අවස්ථා තියෙනවා. ඉවසගෙන ඉන්න පුළුවන්

අවස්ථා තියෙනවා. කොහොමහරි හැම දේම හැමෝටම සර්වසම්පූර්ණ නැහැනේ. ඒක හින්ද මම ඒ ගැන හිතල හිත හදා ගන්නවා

දිනේෂ් විතාන

Courtesy – Divaina

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්