Jan
30

ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

 
414 Views
   
'A hundred thousand works' from the government - Namal says  

එළඹෙන සතියේ දී රජය විසින් ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) දිනයේ දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

“පැහැදිලිවම අපිට සෞභාග්‍ය දැක්මේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයක් කරන්න අපි කටයුතු කරනවා. ලබන සතිය වෙන කොට ‘වැඩ ලක්ෂයක්‘, පෙබරවාරි 03 වෙනිදා ‘වැඩ ලක්ෂයක්‘ අයවැය ලේඛනයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්තීන් ගමේ ක්‍රියාත්මක කරන්න, ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් අපි ආරම්භ කරනවා.“

මේ අතර කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.

“කැබිනට් සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුව නෙමෙයි ප්‍රකාශයට පත් කළේ, සමහර වෙබ් සයිට්ස් නැත්නම් ගොසිප් සයිට්ස්. ගොස්ප් සයිට්වල ඒවා කරන්න ආණ්ඩුව බැඳිලා නැහැ. ගොසිප් සයිට් එකක යම්කිසි දෙයක් යනවා නම්, ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ආණ්ඩුව බැඳිලා නැහැ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්