May
7

පුතුට පාඩම් කියාදෙන අම්මා – පුෂ්පිකා ද සිල්වාගෙන් ආදරණීය සටහනක්

 
732 Views
   
A-mother-teaching-lessons-to-her-son---A-loving-note-from-Pushpika-de-Silva  

පුෂ්පිකා ද සිල්වා කියන්නෙ කවුරුත් ඉතාමත් හොඳින් දන්න හඳුනන ජනප්‍රිය තරුවක්. ඇය මුහුණු පොතේ විවිධ වූ සටහන් තබනවා අපිට නිතරම වාගේ දකින්න ලැබෙනවා. ඒ සටහන් සහ ඡායාරූප අතර ඇයව අපිට නිතරම දකින්න ලැබෙන්නේ සිය ආදරණීය පුතා එක්කයි. මේ සටහනත් ඇය එලෙස තැබූ එක් සටහනකි

මගේ පුතුකි,
මේ ලෝකයේ මනුෂ්‍යයකුට තවත් මනුෂ්‍යයෙකු වෙනුවෙන් කළ හැකි උපරිම දෙය මම ඔබ වෙනුවෙන් කරමි. ඒ මගේ ජීවිතයේ ඇති වටිනාම වස්තුව ඔබ නිසාය. ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් මට නොමැත. ඒ, ඔබ මගෙ මුලු ලෝකයම වන බැවිනි.
එසේම මේ මහ පොලොවට අපි විසින් ඉටු කල යුතු යුතුකම් තිබේ.  මම ඔබට ඒ යුතුකම් කියා දෙන්නෙමි. අපි මේ සොබාදහමට ආදරය කල යුතුය. එය අපට පෙරලා ආශිර්වාදයක් වනු ඇත. මේ රටට දැයට ලෝකයට අප  විසින් ඉටු කල යුතු යුතුකම් අපි ඉටුකරමු.  අද අප සිටුවන එකම එක අඹ පැලය, හෙට මේ ලෝකය වෙනුවෙන් සිය දහස් ගණන් අඹ ගෙඩි සකස් කර දෙනු ඇත. අපි, මේ සොබාදහමට ආදරය කරමු.
– ආදරණීය අම්මා❤️

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්