Sep
8

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර අඩුවීමක්

 
496 Views
   
 

කොරෝනා වසංගතය උග්‍ර විදියට පැතිරුණු ඉන්දියාවෙ අපි දැක්ක මිනිස්සු මහ මග මැ රිල වැටෙනව වගේම මහ මග දර සෑයවල් වල ම ල මි ණි පුච්චනව. ඇත්තටම ඒව දැකල අපෙ රටෙ සමහරක් බ ය වුණා, අවංකවම කණගාටු වුණා තවත් සමහරක් ඒ තත්වය අපේ රටෙත් ඇති වෙයි කියන කාලකන්ණි සතුටෙනුත් හිටිය. කොරෝනත් එක්ක එන හුස්ම ගැනීමේ අපහසුතාවයන් නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔක්සිජන් වලට ඉල්ලුමක් එන එක ස්වභාවිකයි. අපේ රටේ ඒ තත්වයට එන්න ඉස්සර අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව සපුර ගන්නව කටයුතු කරපු විදිය ප්‍රශංසනීයයි කියන්න පුළුවන්. අපි ගොඩක් බ ය වෙලා හිටියෙ කුඩා ලමයින්ගෙ ජීවිත ගැන.

දැන් දැන් වාර්තා වෙනව අපේ රටේ ඔක්සිජන් මත යැපුණු රෝගීන්ගේ අඩු වීමක් තියෙනව කියන සුබ කාරණාව. ඇත්තටම සතුටට කරුණක් . ඔක්සිජන් නැතුව මහමග මිනිස්සු මැ රි ල වැටෙයි කියන දුෂ්ට බලාපොරොත්තුවෙන් හිටපු අපේ රටේම සමහරක්ගෙ බලාපොරොත්තු බිද වැටීමක්. මේ කථාව අපිට කිව්වෙ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සෞඛ්‍ය කාර්යාංශයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් .ඒ මාධ්‍ය හමුවේදී අපිට තවත් කරුණු දැනගන්නට ලැබුණා. කො විඩ් ආසාදිතව රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව අඩු වී ඇති බව.

ළමා රෝහලට රැගෙන එන ආසාදිත දරුවන්ගේත් අඩුවක් වෙලා කොළඔ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන කො විඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය අංශ අපේක්ෂා කළ පරිදි ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු වී ඇති නමුත් කොයි අවස්ථාවේ හෝ නැ වත වැඩි වීමක් සිදු විය හැකි බව කො විඩ් ආසාදිතව සංකූලතාවට ලක් වූ රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කළ බව පිටරටින් ඔක්සිජන් ගෙනැවිත් භාවිත කරනවාට වඩා මෙරට තිබෙන ඔක්සිජන් මත යැපීමට හැකි වන්නේ නම් එය සෞඛ්‍ය අංශවලට මහත් අස්වැසිල්ලක් බව.

ඒ මාධ්‍ය හමුවෙදි ඔහු මෙහෙමත් කිව්ව. පසුගිය දිනයන්හි දෛනිකව කො විඩ් ආසාදිත දරුවන් 25- 30 ප්‍රමාණයක්
රෝහලට ඇතුළත් කරා වුණාටඑය මේ වන විට 10 -12ක් දක්වා අඩු වී ඇති බව වෙනත් දිනයන්හි කො විඩ් ආසාදිතව සංකූලතා ඉහළ යෑම නිසා දෛනිකව දරුවන් 4ක් හෝ 5ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනව වුණත් එම සංඛ්‍යාව මේ වන විට එක් දරුවෙක් දක්වා අඩු වී ඇති බව පසුගිය කාලයේ ඇතැම් දිනයන්හි දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 200කට වඩා රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවත් ඊයේ (06) වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 87ක් දක්වා පහළ ගොස් ඇති බව. කොවිඩ් ආසාදිතව දරුවන් 18ක් රෝහලේදී මරණයට පත් වූ බව කො විඩ් ආසාදිත දරුවන්ගේ වාර්තා වීම අඩු වුවත් එම තත්ත්වය හෑල්ලුවකට නො ගෙන කටයුතු කිරීමට දෙමාපිය වැඩිහිටියන් තරයේ සිතට ගත යුතු බවත් නැවත කුමන අවස්ථාවක හෝ ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් ඇති විය හැකි බව මව් පිය වැඩිහිටියන්ගේ හැසිරීම මත දරුවන්ට කොවිඩ් ආසාදනය වන්නේදැයි නොවන්නේදැයි තීරණය විය හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කිරීමට දෙමාපිය වැඩිහිටියන් පෙළඹෙන්නේ නම් දරුවන් මේ වයිරසයෙන් ආරක්ෂා කර ගත හැකි බව මේ මාධ්‍ය හමුවෙදි එතුමා අපිට ඉදිරි අවදානම් ගැනත් කතා කරල තියෙනව. කථාවකට කියනව අපේ රටේ මිනිස්සු ඕනම දෙයක් මතක තියා ගන්නෙ උපරිම සති දෙකයි කියල. දෙවෙනි රල්ලෙදිත් කොරෝනා තත්වය උපරිමෙන් පාලනය කරල දුන්නට පස්සෙත් මිනිස්සුන්ගෙ තිබ්බ නොමනා හැසිරීම් රටාව හින්ද මේ තත්වයට ආව කියන එක රහසක් නෙමේ.

එන්නත කියන්නෙ කොරෝනා වලට පූර්ණ කාලීන බෙහෙතකුත් නෙමේ. මේකෙන් වෙන්නෙ සංකූලතා අඩුවීම වුණාට එන්නත විදගත්ත පලියටම අපිට කියන්න බෑ කොරෝනා නොහැදී ඉදියි කියල. අපි මීට පෙර කරපු පරිස්සම් වීම ඒ විදියටම දිගටම තියා ගන්න අපිට සිද්ද වෙනව. ඒ අනුව අපිට අපේ ජීවිතේ හැඩගස්ස ගන්නම වෙනව. රට වහල තිබ්බට අපිට සිද්ද වෙනව කවද හරි රට අරින්න. රට ආයෙත් වහනවද නැත්නම් දිගටම ඇරල තියෙනවද කියල තීරණය වෙන්නෙ වෙන මුකුත් හින්ද නෙමේ අපේ එදිනෙදා හැසිරම් රටාව මත. ඒ තත්වය අපි අවබෝධ කරගන්න තාක් කල් අපිට මේ තත්වයෙන් මිදෙන්න බැරි වෙයි. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්